Thursday 8 August 2013

ආත්ම ගරුත්වය කෙළෙසනවා - කාංචනා මෙන්ඩිස්

 
“ජනප්‍රිය සුපිරි නිළියෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා” --- සුනිල් හඳුන්නෙත්ති කියලා නිලියන්ට මල පැනලා

සහෝදර ශිල්පිනියන් වෙනුවෙන් මේ ප්‍රකාශය හෙළා දකිනවා
කාංචනා මෙන්ඩිස්

ඇත්තටම මෙවැනි කතා ප්‍රසිද්ධ නාළිකාවලදි යමෙකු කතාකරයි නම් එය ඉතාම කනගාටුදායකයි. හැබැයි අපේ ක්‍ෂේත්‍රය අනිකුත් ක්‍ෂේත්‍රවලට වඩා වැඩි වශයෙන් කතාබහට ලක්වන ක්‍ෂේත්‍රයක්, අපි යන එන තැන්, කතාබහ කරන දේවල් හොයන බලන ගතිය වැඩියි.

ඒක එහෙම වුවත් ප්‍රසිද්ධියේ කරන මෙවැනි ප්‍රකාශ අතිශයින් බරපතළයි. ඔය කියන විදිහේ වැරදි නොකරන අයටත් මෙවැනි ප්‍රකාශවලින් නරකක් අත්වෙනවා. ඒ වගේම එවැනි ප්‍රකාශ කිරීමට ඉඩහසර දුන් නාළිකාවලටත් හොඳ නැහැ.

යමෙක් යමක් ප්‍රකාශ කරනවා නම් එය වගකීමක් ඇතිව ප්‍රකාශ කළ යුතු වෙනවා. මොකද කෙනකුගෙ ආත්ම ගරුත්වය කෙළෙසනවාය කියන්නෙ ඒ පුද්ගලයා මරා දැමුවාටත් වඩා බරපතළ දෙයක්. මේ ප්‍රකාශය ගැන ඉතාම කනගාටුදායකයි.

අපි හෝටලේක ෂූටිංවලට ගිහින් හිටියත් පසුදාක කවුරුහරි අපෙන් අහන්නේ අසවල් හෝටලේ හිටිය නේද? කියලා. පෞද්ගලිකව මටත් සිද්ධ වූ එවැනි සිදුවීම් තියෙනවා. අපේ ජනප්‍රියභාවය නිසාම හැදෙන කතන්දරත් වැඩියි.

අපේ නම් ඈඳා කැරෙන සූක්ෂ්ම පහත් වැඩ තියෙනවා. මා ඒ ගැන පොලිසියට පවා දෙතුන් වරක්ම දැනුම් දී තිබෙනවා. මෙම බරපතළ නින්දා සහගත ප්‍රකාශය ගැන මේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මගේ සහෝදර ශිල්පිනියන් වෙනුවෙන් ඒ ප්‍රකාශය හෙළා දකිනවා.

No comments:

Post a Comment