Wednesday 14 August 2013

ආසියාවේ උසම සන්නිවේදන කුලුනේ බර චීනයේ මැක්ෂිම් බැංකුවට


Nelum-Kuluna-14813කොළඹ නගරයට පමණක් නොව ශ්‍රී ලංකාවට ම අලංකාරයක් වන මෙය ආසියාවේ උසම සන්නිවේදන කුලුනයි. ආසියාවේ ආශ්චර්යය ලොවට පෙන්වා විදහා දක්වමින් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිවන මේ දැවැන්ත නිර්මාණය වන නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු දැන් ශීඝ්‍රයෙන් කෙරීගෙන යයි.
අක්කර 10.6 ක භූමි භාගයක ඉදිවන මේ දැවැන්ත කුලුනේ උස මීටර් 350 කි. එහි විස්කම්භය මීට‍ර් 75 කි. එහි පාදමේ ඉඩකඩ වර්ග මීටර් 7500 කි.
විදුලි සන්දේශ නියාමන කොමිසමේ මෙහෙයවීම මත ඉදිවන මේ දැවැන්ත කුලුනේ නිර්මාණ කටයුතු මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ අංශය සිදුකරයි.
Nelum-Kuluna-14813.-2
නෙළුම් කුලුන නිර්මාණය සඳහා ශ්‍රී ලංකාව විශාල වැය බරක් නොදරන අතර එහි වියදම ලෙස ඇස්තමේන්තු ගත කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 104 ක වියදම අපට ලැබෙන්නේ චීනයේ මැක්ෂිම් බැංකුවේ ණය ආධාර යටතේ ය.
මෙයින් අප ගෙවිය යුතු වන්නේ සියයට 85 ක් පමණක් වීම විශේෂ ය.
මේ පරිශ‍්‍රයේ ආපන ශාලා විනෝද කටයුතු සඳහා අවස්ථා හා ඉඩකඩ මෙන් ම මහජනතාවට නැරඹුම් මැදිරියක් ද තිබීම විශේෂයකි.
2012 දෙසැම්බර් මස 1 වැනිදා ඇරඹූ මෙහි නිමැවුම් කටයුතු 2015 මාර්තු 31 මුළුමනින් ම නිමකිරිමට නියමිතය.


ශ්‍රි ලංකාවේ මේ වන විට පවතින බරපතල ආර්ථික සමාජීය සංස්කෘතික ආදී වූ අර්බුද හමුවේ  මේ නෙළුම් කුළුණ ඉදිකිරීම  සම්බන්ධයෙන්  මෙන්ම මේ රජයේ සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් සම්බන්ධයෙන්ද  බරපතල විවෙචන එල්ල වී තිබේ.
 එහෙත් අධිවේගී මාර්ගය විවේචනය ඉදිරිපත් කළෝ අද ගාලු යන්නේ අධිවේගයෙනි. හෙට ගුවන් ගත වනු ඇත්තේ මත්තලිනි.. එදා විවේචන වා තලයේ වාෂ්ප වී ගොසිනි.
ප්‍රයෝගිකත්වයට නැංවිය නොහැකි විවේචන වලින් වන්නේ මහ ජනතාව ඉදිරියේ විහිළු කරුවන් වීමය.
හෙට නෙළුම් කුළුනේ සිට මහ ජනතාව හාත්පස කෙතරම් විහිළුකරුවන් සිටිදැයි නැ‍රැඹිය හැකිවනු ඇත.

No comments:

Post a Comment