Friday, 19 July 2013

රූපවාහිනියට ටෙලි නාට්‍ය 2කින් දෙකෝටියක් පාඩුයි

Slrc logo 410px 20-07-13ජාතික රූපවාහිනී සංස්ථාව 2011 වසරේ ටෙලි නාට්‍ය දෙකකින් ලැබූ අලාභය රුපියල් දෙකෝටි හතළිස් දෙලක්‍ෂ තුන්දහස් පන්සිය පනස් අට (24,203,558) ක් බව එකී වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
විගණන නියැදි පරීක්‍ෂණයට භාජනය වූ ටෙලි නාට්‍ය හතරක් අතරින් රූපවාහිනී සංස්ථාව මෙම අලාභය ලැබූ බව එම වාර්තාවේ දක්වා තිබේ.
විකාශනය සඳහා ටෙලි නාට්‍ය තෝරා ගැනීමේ පටිපාටිය අනුව ස්වාධීන සමීක්‍ෂණ මණ්ඩලයක නියමයන් හා තීරණයන්ට යටත්ව අනුමැතිය ලබාදිය යුතු වුවද, විගණන නියැදි පරීක්‍ෂනයට භාජනය වූ ටෙලිනාට්‍ය 13 කින් ටෙලි නාට්‍ය දෙකක් එවැනි සමීක්‍ෂණ මණ්ඩලයකට ඉදිරිපත් නොකර විකාශය කර තිබූ බව එකී වාර්තාවේ දැක්වේ.
ටෙලි නාට්‍ය සඳහා ගෙවනු ලබන මුදල තීරණය කිරීමේදී සමීක්‍ෂණ මණ්ඩලයේ ඇගයීම් ලකුණු සැලකිල්ලට ගනු ලැබීම මූලිකම කරුණක් වුවද විගණන නියැදි පරීක්‍ෂණයට භාජනය වූ ටෙලි නාට්‍ය 13 කින් ටෙලි නාට්‍ය තුනක් මිලදී ගෙන තිබුණේ ඇගයීම් ලකුණු නොමැතිවය.
ටෙලි නාට්‍ය වීඩියෝ පිටපත් අනුමැතිය සඳහා ඉල්ලූම් පත‍්‍රයක්, අදාළ ගාස්තුව සමග ඉදිරිපත් කළ යුතු වුවද විගණන නියැදි පරීක්‍ෂණයට භාජනය වූ ටෙලි නාට්‍ය 13 කින් ටෙලි නාට්‍ය දෙකක් සම්බන්ධයෙන් එලෙස කටයුතු කර නොතිබූ බවද 2011 වසරට අදාළ විගණකාධිපති වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.

No comments:

Post a Comment