Friday 19 July 2013

ඇය රවටා මුළු සේසතම අරන් ගිහින්

වසර 10කට අධික කාලයක් ගිනියම්වූ අරාබිකරයේ ගෘහ සේවයේ යෙදුනු ඇය මාවනැල්ල ගල්ආතර පදිංචිකාරියකි. 40 විය ඉක්මවා ගියද තවමත් ඇය අවිවාහක තැනැත්තියකි. වැඩිහිටියන් නොයෙක් විට විවාහ යෝජනා ගෙන ආ වුවද කුමක් හෝ වරදක් සොයා සැමවිට ඇය තම අකමැත්ත ප්‍රකාශ කළාය.පසුගියදා කෑගල්ල රෝහ‍ලේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලැබූ ඇයගේ සොහොයුරියගේ සුවදුක් විමසා බැලීමට එහි පැමිණි ඇයට කඩවසම් තරුණයෙකු මුණ ගැසුණි. ඔහුගේ පදිංචිය බුලත්කොහුපිටිය බව ඔහු
විසින් ඇයට පවසා තිබුණි. ස්වල්ප වේලාවක් කතා බහේ යෙදුනු මෙම යුවල ඉක්මනින්ම යළි හමුවන අදිටනින් වෙන්ව ගියද දුරකථන අංකයන්ද හුවමාරු විය. දින කීපයක්ම නගරයේදී මුණගැසීමෙන් අනතුරුව දිනෙක ඔහු නොකියාම ඇගේ නිවසටද ගොඩ වැදුනි. විවාහ දිවියේ රස බැලීමට අකමැතිව සිටි දියණියගේ හදිසි වෙනස්වීම ගැන බොහෝ සතුටුවූ ඇගේ වැඩිහිටියන් අලුත් නෑදෑයාට බත බුලතින් සංග්‍රහ කළේය. දින කීපයක්ම නිවසට ආගිය ඔහු තම වැඩිහිටියන් මෙම කටයුත්තට බොහෝ සතුටුවන බවත් දිනක ඔවුන්
කඩ පිල් ගණනාවක ඇවිද තරමක් මහන්සි වූ නිසා ස්වල්ප වේලාවක් නිදහසේ කතා බස් කිරීමට වරකා‍පොළ නගරයට යාමට තීරණය කළ යුවල අඹේපුස්ස නගරයේ
නවාතැන්පළකට ගොඩ වැදුණි. නවාතැන්පළේ ගාස්තුව රුපියල් දාහේ කොළවලින් ගෙවා දැමූ ඔහු ඇගේ හැඳුනුම්පත හඳුනාගැනීම සඳහා එහි තැන්පත් කළේය. සුව පහසු කාමරයක බොහෝ වේලාවක් කතාබහේ යෙදුනු දෙදෙනා රසවත් පලතුරු බිම බඳුන් දෙකක්ද හිස් කළේය. එදින දහවල් නවාතැන්‍පොළට පැමිණි ඇය රාත්‍රී 2.30ට පමණ අවදිවී බලන විට සියල්ල සිදුවී හමාරය. වසර 40ක කාලයක් තමන් ආරක්ෂා කරගෙන පැමිණි ඇගේ පිරිසිදු බව පමණක්ම නොව වසර ගණනාවක් අරාබිකරයේ දහදුක් විඳ උපයාගත් මුදලින් ඇය ලබාගත් ලක්ෂ 5ක පමණ රන් ආභරණ තොගයක්ද ඇගේ අත් ඔරලෝසුව කන පැළඳි වටිනා කරාඹු ජෝඩුවක් අත් බෑගයේ තිබූ රු. 13,500ක මුදලක් ඔහු විසින් පැහැරගෙන ගොස් තිබුණි.
නවාතැන්‍පොළෙහි කාර්ය මණ්ඩලය විසින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් නරක වූ නිසා රෝහල් ගතකිරීමෙන් පසුව වරකා‍පොළ ‍පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. නමුත් ඔහු කව්ද කොහේද යන්න වැඩි තොරතුරක් ඈ සතුව නොතිබූ බව ‍පොලීසිය පවසයි. අපරාධ අංශයේ ස්ථානාධිපති අනුර පක්ෂ ‍පො.සැ. 48525 කුලතුංග, ‍පො.කො. 31994 විජේසිංහ කා.‍පො.කො. 1152 දිලානි මහත්ම මහත්මීන් පරීක්ෂණ ආරම්භ කර ඇති නමුත් ඔහු පිළිබඳ තොරතුරක් සොයාගැනීමට නොහැකි වී ඇත. සිදුවූ දෙයින් මහත් ලැජ්ජාවට පත්වූ ඇය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා වරකා‍පොළ ‍පොලීසිය උපදෙස් පරිදි කෑගල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.

ගාමිණී විජය බණ්ඩාර දැදිගම
ඇගේ නිවසට පැමිණෙන බැවින් ඇයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ලබාදීමට අවශ්‍ය නිසා කෑගල්ල නගරයට යා යුතු බව දැන්වීය. ඇඳුම් පැළඳුම් මිලට ගැනීමේදී ඈ සතු රන් ආභරණවලට ගැළපෙන අයුරින් සකසා ගත යුතු නිසා ඈ සතු රන් ආභරණ සියල්ල රැගෙන පැමිණියහොත් පහසුවන බවද ඔහුගේ අදහස විය. ඉදිරි දිනක එකම වහලක් යට යාමට සිත්ගත් පුද්ගලයාගේ අදහසට එකඟවූ ඇය එදින තමා සතු සියලු රන් භාණ්ඩ රැගෙන කෑගල්ල නගරයේදී ඔහු මුණ ගැසුණි.

No comments:

Post a Comment