Friday, 19 July 2013

ලෝලිත සෙනරත්ට කොළඹ. ටෙක්නිකල් හන්දියේ අක්කර 29 ක්

කොළඹ. ටෙක්නිකල් හන්දියේ අක්කර 29 ක් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සෙනරත්ගේ සොහොයුරෙකු වන ලෝලිත සෙනරත්ට පවරා දිමට ආණ්ඩුව තීරණය කර ඇත.

කොටුව දුම්රියපොළ ආසන්නයේ සිට ටෙක්නිකල් හන්දිය දක්වා වූ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අක්කර 29 ක ඉඩම් සමාගම් දෙකකට විකිණීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම ඉඩම විකුණා දැමීම සඳහා ආයෝජන මණ්ඩලයට පවරා ගෙන ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු වන්දි ගෙවීමකින් තොරවය.

ඉඩමේ ගැනුම්කරුවන් වී ඇත්තේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සෙනරත්ගේ සොහොයුරෙකු වන ලෝලිත සෙනරත්ට අයත් එළිනා නෙබ් ලංකා ප‍්‍රයිවට් ලිමිටඞ් හා චයිනා හාබර් කෝපරේෂන් නම් විදේශීය සමාගමටය.

මෙම ඉඩම විකුණනු ලබන්නේ 99 අවුරුදු බදු පදනම යටතේය.
අමෙරිකානු ඩොලර් මිලියන 350 ක අයෝජනයක් යොදවමින් මෙම සමාගම් විසින් තරුපහේ හොටල් දෙකක් හා නිවාස 490 ක් ඉදිකිරීමට නියමිතය.

No comments:

Post a Comment