Friday, 19 July 2013

රජයේ සාක්කිකරුවෙක් වුණොත් නඩුවෙන් නිදහස් වෙනවා කියන ශානිගේ ගුලිය කෑවා නේද?

අද (19) වාස් ගුණවර්ධනට එරෙහිව සාක්ෂි විමසීම යළි උසාවිය හමුවවේ කැඳවූ අවස්ථාවේදී එහි පළවෙනි සැකකරු විත්තිකූඩුවේ සිට අත ඔසවා ගත්තේය. ඒ වනවිට වාස් ගුණවර්ධනගේ නීතිඥ අජිත් පතිරණ මහතා අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන්ද පෙනී සිටිමින් කරුණු දක්වමින් සිටියේය. මෙම අවස්ථාවේදී එවැනි පෙනී සිටීමක් නොමැති බව නීතිපති දෙපාර්තුමේන්තුවෙන් පැමිණි රජයේ නීතිඥවරයා කියා සිටියදී සැකකරුද අත ඔසවා ගෙන සිටියේය. තමන්ට යමක් කීමට ඇත්දැයි විනිසුරුවරයා සැකකරුගෙන් ප්‍රශ්න කළේය.
තමන් වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටින බවත්, තමන් අත්අඩංගුවට ගත් දිනයේ වාස් ගුණවර්ධන මහතාගේ නීතිඥයන් තමා ළඟට පැමිණ රජයේ සාක්කිකරුවෙක් වුණොත් නඩුවෙන් නිදහස් වෙනවා කියන ශානිගේ ගුලිය කෑවා නේද? පස්සෙ බලාගමු යනුවෙන් පැවසූ බවත් සැකකරු කීය.
එවිට අජිත් පතිරණ නීතිඥවරයා පැවසුයේ තමන් පෙනී සිටින්නේ එම සැකකරුවන්ගේ ඥාතීන්ගේ ඉල්ලීමට බවයි.
නීතිඥවරුන් සම්බන්ධයෙන් මතු වූ මෙම ගැටළුව නිසා නඩුව ලබන අගෝස්තු 01 දින සවස 1.30 ට කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සමබ්දීන් මහතා නියෝග කළේය.

නිශානි ලසිතා හේරත්

No comments:

Post a Comment