එහි ආසන්නම සිද්ධිය වන්නේ, ආන්දෝලනයට ලක්ව ඇති ඉන්දීය 'ක්‍රිෂ් ' මුල්‍ය වංචාවයි. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එහි සිදුව ඇති මුල්‍ය වංචාව මිලියන 400 කට අධිකය.
මෙම මුල්‍ය වංචාවට අදාළ තොරතුරු හා ලිපිගොනු පිටපත් ආරක්ෂක ලේකම්වරයාට ලබාදී ඇත්තේ, 'ක්‍රිෂ් ' සමාගමින් ඉවත්කළ මුල්‍ය අංශ ප්‍රධානියකු හා එම ආයතනයේ ජේෂ්ඨ නිලධාරිනියක් විසිනි.
ඊට අදාළ කරුණු තහවුරුවීමත් සමග ආරක්ෂක ලේකම්වරයා, එසේ 'ක්‍රිෂ්' සමාගමින් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස ගොඩහේවා මහතාට නියෝග කර ඇති අතර, ඔහු යටතේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරියේ හා ලංකා හොස්පිටල් සමාගමින් වහාම ඉවත්වන ලෙස ගොඩහේවාට දැනුම්දී තිබිණ.
ගොඩහේවා මහතා 'ලංකා හොස්පිටල් සමාගමේ' අයිතීයෙන් වැඩි ප්‍රතිශතයක් අරන්දෙන බව පවසමින්, මිට ඉහතදී ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයකුට ද වංචාකර ඇත. එම ව්‍යාපාරිකයා ලංකාවට ගෙනවිත්, ඔහුට එම රෝහලේ 20% කොටස් ලබා දී ඇත්තේ, මහ පරිමාන කොමිස් මුදලක් ලබාගනිමිනි.
මත්පැන් සමාගමක් සතුව තිබු එම කොටස්, කොළඹ කොටස් වෙළඳපලින් එම ඉන්දීය ව්‍යාපාරිකයාට ලබාදී තිබුනේ, කොටසක මිල වැඩි කරමිනි. එකල රුපියල් 40ක් වූ කොටසක මිල, කොටස් වෙළඳ පොළ මාෆියාව සමග එක්වී මොහු රුපියල් 60 දක්වා නංවා ඉන්දීය ව්‍යාපාරිකයාට විකුනා තිබේ.
එසේ වැඩිමිලට විකුණු කොටස් සඳහා කොටස් මාෆියාවට ලැබිය යුතු රුපියල් මිලියන 120ක මුදල එම මත්පැන් සමගම ගෙවා ඇත්තේ ද එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේය. මත්පැන් සමාගමේ ප්‍රධානියාගෙන් එම මුදල ලබාගෙන ඇත්තේ, කොළඹ කොටස් වෙළද පොළ මාෆියාවේ තවත් ප්රබලයෙකු හරහාය. මාධ්‍ය හා ප්රචාරක ක්ෂේත්රයට සම්බන්ධ මෙම කුඨ ජාවාරම්කරුවාද ආරක්ෂක ලේකම්වරයාගේ නම විකුණා මංකොල්ලකන්නෙකි.
මෙම ජාවාරම සම්බන්ධ අනෙක් අනෙක් පුද්ගලයාද කොළඹ කොටස් වෙළඳ පොළ ප්‍රබලයකු වන අතර, ඔහුද ආරක්ෂක ලේකම්ගේ නම විකුණා ජාවාරම් කරන්නෙකි. මොහු එකල ආරක්ෂක ලේකම්වරයාට සමීප වුයේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා හරහාය.
මේවනවිටත් මොවුන් තිදෙනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් උද්ගතවී ඇති අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියකුගේ ඉල්ලීම මත, ඉන්දියාවේ ක්‍රිෂ් සමාගම විසින් ඊයේ රාත්‍රී විශේෂ නිවේදනයක් නිකුත්කර තිබිණ.
පසුගිය කාලය පුරා සිය සමාගම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා, තමා හා සාකච්ඡා පත්වමින් සිටින ආයෝජක පාර්ශව වල ස්ව-විශ්වාසයට අනිසි ලෙස බලපා ඇතැයි ඉන්දියාවේ ක්‍රිෂ් සමාගම එම නිවේදනය මගින් කියා සිටියි.
ක්‍රිෂ් සභාපති අමිත් කට්යාල් මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මෙලෙස පවසා සිටියි.
මේ වන විට සිය සමාගම ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ව්‍යාපෘතිය වෙනුවෙන්, මේ දක්වා රු. මිලියන 4250ක් ගෙවා ඇති බවත්, එය සම්පූර්ණ මුදලින් 85%ක් වන බවද එම සමාගමේ දැක්වේ.
මෙම මුදල් ගෙවීම් කලින් එකඟ වූ කාලවකවානු වලට අනුව නියමිත පරිදි සිදුවූ බවත් එම නිවේදනය සඳහන් කරයි.
ක්‍රිෂ් සමාගමත්, ශ්‍රී ලංකා රජය හා එහි නිලධාරීන් අතර පැවති සියළු ගණුදෙනු ඍජු හා විනිවිදභාවයෙන් යුක්ත වන ගණුදෙනු බවද එහි දැක්වේ.
එබැවින් මෙසේ එල්ල වන සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ගෙවීම් වල ප්‍රමාදවීම් හා මෙම ව්‍යාපෘතිය වටා ගෙතුනු වෙනත් අසත්‍ය තොරතුරු ඒත්තුගැන්වීමට සිදුකෙරෙන විවිධ උත්සහයන් මගින් ක්‍රිෂ් සමාගම පමණක් නොව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සැලකූ වෙනත් අයෝජකයන් රැසක්ද අධෛර්යමත් විය හැකි බව එහි දැක්වේ.
ඉන්දියානු ක්‍රීෂ් සමූහය විසින් කොළඹ කොටුවේ සිදුකිරීමට සූදානම් වන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලබාදී තිබෙන රජයේ ඉඩම සඳහා ගෙවිය යුතු මුදල් සම්පූර්ණ කිරීමට රජය විසින් තවත් කල් ලබාදී ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය.
මෙම 'ක්‍රිස්' මුල්‍ය වංචාවට අදාළ තවත් තොරතුරු බලාපොරොත්තුවන්න.
No comments:
Post a Comment