Wednesday, 14 August 2013

බුද්ධි අංශ නොදන්නේ අපේ ලේ වර්ගය විතරයි


මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා උතුරු ප‍්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක කටයුතුවල නිරත වන්නන්ගේ ලේ වර්ගය හැර අන් සියලූ තොරතුරු හමුදා බුද්ධි අංශ විසින් විමසා බැලීම් කරන සිදු කරන බවත් එම අපේක්‍ෂකයින්ට අනවශ්‍ය ආකාරයට බලපෑම් කරන බව එම පක්‍ෂය පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා පවසා සිටියේ ඇතැම් අපේක්‍ෂකයින් වෙතින් තමන්ගේ විවාහයට කපුකම් කලේ කවුද, තමන් සිංහල භාෂාව ඉගෙන ගත්තේ කෙසේ ද, තවත් සමීපව ඇසුරු කරන පුද්ගලයින් කවුරුන්ද යනාදී විවිධ ප‍්‍රශ්ණ කිරීම් දිගින් දිගටම සිදු කරන බවට ද ඇතැම් අවස්ථාවලදී මෙම අපේක්‍ෂකයින් පිළිබඳ තොරතුරු අසල්වාසින් වෙතින් විමසා බැලීම් කරන බව ඔහු පවසා සිටියා.
ජනතා විමුක්ති පෙරමුණ විසින් හමුදාවට කළ චෝදනාව සම්බන්ධයෙන්  හමුදා මාධ්‍ය ප‍්‍රකාශක රුවන් වනිගසුරිය මහතාගෙන් විමසීමක් කළා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ විවිධ පාර්ශවයන් විසින් කරනු ලබන චෝදනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවයි. මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවත්, එහි ආරක්‍ෂාව සැපයීම් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ පොලිසිය සිටින බවත් හමුදාව මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදු නොවන බව ද ඔහු අප කළ විමසීමේදී පවසා සිටියා.
උතුරු පළාත් මැතිවරණයේදී මැතිවරණ ප‍්‍රචාර කටයුතු සඳහා හමුදා සෙබළුවන් යොදවා ගන්නේ ද යන්න අප මෙහිදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු පවසා සිටියේ එසේ කිසිදු රාජකාරියක් සිදු නොකරන බවයි. එම කටයුතු අයිති හමුදාවට නොව බව ද ඔහු පවසා සිටියා.

No comments:

Post a Comment