"ශ්‍රී ලංකාවේ ජීවත්වන මුස්ලිම් ප්‍රජාව වර්තමානයේ මුහුණ දී
සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවක්’’ බව පවසමින් පසුගියදා
මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ
මහත්මියට ‘‘කේලාම් වාර්තාවක්’’ සැපයූ ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් ලෙස
කටයුතු කරන මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය අවර ගණයේ ක්‍රියාවක් සිදු කර
තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පෙරමුණ පවසන්නේ එම ක්‍රියාව දැඩි
ලෙස හෙළා දකින බවයි.
එම පක්ෂය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මුස්ලිම්
කොංග්රස් නායක, රාවුෆ් හකීම් මහතා රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස නවනීදන්
පිල්ලේ මහත්මිය සමග රාජතාන්ත්‍රික සාකච්ඡාවලට සහභාගී වෙමින්, එක් අතකින්
තමන් වත්මන් රජයේ ප්‍රබල භූමිකාවක් ඉටු කරන බව පෙන්වමින් අනෙක් අතින් දෙමළ
ඩයස්පෝරාවේ උවමනාව ඉටු කරමින්, ඇයට මෙසේ ‘‘කේලාම් වාර්තා’’ සැපයීම මගින්
පෙනී යන්නේ ඔහුගේ දෙබිඩි පිළිවෙත බවයි.එදා රනිල් වික්‍රමසිංහ මහතා වේළුපිල්ලේ පිරිබාහරන් සමග සටන් විරාම ගිවිසුම් ගැසූ අවස්ථාවේදී රාවුෆ් හකීම් මහතාද වේළුපිල්ලේ පිරිබාහරන් සමග අවබෝධතා ගිවිසුම් ගැසූ අයුරු මෙරට මුස්ලිම් ජනතාවට අමතක නැත. නැෙ`ගනහිර මුස්ලිම් ජනයා සිය දහස් ගණනින් ඝාතනය කරමින්, වේළුපිල්ලේ පිරිබාහරන් වාර්ගික ශුද්ධයක නිරතව සිටින විට රාවුෆ් හකිම් මහතා සිදු කළේ එසේ පිරිබාහරන් ඉදිරියේ දණින් වැටීමය. එතැනින් නොනැවතී තම ‘‘කොටි මිතුදම’’ තහවුරු කරගනු වස් එම සංවිධානයේ දේශපාලන අංශ නායකයා වූ තමිල් සෙල්වම්ගේ අවම`ගුලට පවා සහභාගී වීමය.
උතුරු - නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව අද සැනසුම් සුසුම් හෙළන්නේ මානුෂික මෙහෙයුම මගින් ඔවුන් මිනීමරු කොටි ත්රස්තවාදයේ ග්රහණයෙන් මුදවා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ නිසාය. එහෙත් මේ මානුෂික මෙහෙයුම දියත් වූ අවස්ථාවේදීද හකීම් මහතා කටයුතු කළේ ඊනියා යුද විරෝධියකු ලෙසය.
සෑම විටම තමන් සිට ගන්නේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේගයන්ගේ පැත්තේ මිස මුස්ලිම් ප්‍රජාවගේ පැත්තේ නොවන බව මෙසේ නවනීදන් පිල්ලේ ඉදිරියේ දණින් වැටී ‘‘කේලාම් වාර්තාවක්’’ ලබා දුන් රාවුෆ් හකිම්ලා නැවත වතාවක් අප ඉදිරියේ සනාථ කර තිබේ. මෙම රටට සතුරු ක්‍රියාව කෙරෙහි රටට හිතැති සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනයාගේ අවධානය යොමු විය යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ
No comments:
Post a Comment