Friday, 19 July 2013

බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාව බලා එන සරණාගතයින් ගැන තීන්දුවක් ගත්තේය

egilla1ඔස්ට්‍රේලියානු නව අගමැති කෙවින්රඩ් මහතා අද (19) පෙරවරුවේ පැපුවානිව්ගිනියාවේ අගමැතිවරයා සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගිවිසුමක් අත්සන් කරමින් බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාව බලා එන සරණාගතයින් ගැන තීන්දුවක් ගත්තේය. ඒ අනුව අද (19) පටන් කිසිම සරණාගතයෙකුට ඔස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය හෝ පුරවැසිභාවය හිමි නොවේ. බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන කණ්ඩායම් අල්ලා ක්‍රිස්මස් දූපතේ රඳවනු ලැබේ. ගිවිසුමට අනුව ඔවුන් සම්බන්ධ සියලුම ආගමන විගමන කටයුතු සහ ඔවුන්ට බලපා තිබෙන දේශපාලන ප්‍රශ්න මින් ඉදිරියට විභාග කරනු ලබන්නේ පැපුවානිව්ගිනියාවේ ආගමන විගමන නිලධාරින් විසිනි. සරණාගතයින් පවසන තොරතුරු අසත්‍ය බව අනාවරණය වුවහොත් ඔවුන්ට තමන්ගේ රටට හෝ තුන්වැනි පාර්ශවයේ ‍රටකට යළි ආගමනය විය හැක.
egilla2
සරණාගතයින් පවසන කරුණු සත්‍ය නම් ඔවුන්ට පැපුවානිව්ගිනියාවේ පදිංචි වීමට හැකිය. නමුත් කිසිම ආකාරයකින් ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා කිසිවකුට මින් ඉදිරියේ දී අවසරය ලබා නොදීම මෙම ගිවිසුමේ අරමුණ වී තිබේ.

No comments:

Post a Comment