විනිවිද නොපෙනෙන ඝන ප්ලාස්ටික් ඡන්ද
පෙට්ටි මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා ඡන්දයේදී හඳුන්වාදීමට
යයි.අත්හදාබැලීමක් වශයෙන් මේ නව ඡන්ද පෙට්ටි පාවිච්චි කෙරෙන අතර එය සාර්ථක
වුවහොත් දැනට පාවිච්චි කරන ලී ඡන්ද පෙට්ටි සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන බව
මැතිවරණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට පාවිච්චි කරන ලී ඡන්ද පෙට්ටි
භාවිත කිරීමේදී ඒවා බර හා ඒ සඳහා ගනු ලබන මැහෝගනී වර්ගයේ දැව ලබා ගැනීමේදී
ඇති අපහසුතා සැලකිල්ලට ගෙන මෙසේ ප්ලාස්ටික් යොදාගෙන විකල්ප ඡන්ද පෙට්ටි
නිෂ්පාදනය කිරීම කෙරෙහි සැලකිල්ල යොමුකර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සර්වජන ඡන්ද ක්‍රමය 1947 ක්‍රියාත්මක වීමත් සමඟ දැව උපයෝගී
කරගෙන
නිෂ්පාදනය කරන ලද ඡන්ද පෙට්ටිය වසර 66ක ඉතිහාසයකට උරුමකම් කියන අතර හඳුන්වාදීමට යන ගන ප්ලාස්ටික් ඡන්ද පෙට්ටියත් සමඟ ලී ඡන්ද පෙට්ටිය භාවිතයෙන් ඉවත් කෙරෙනු ඇත. මෙසේ ගන ප්ලාස්ටික් උපයෝගී කරගෙන නිපදවනු ලබන ඡන්ද පෙට්ටිය පාවිච්චියේදී හැම අතින්ම පහසු වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කෙළේය

No comments:
Post a Comment