රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ රටේ යහ පාලනයක් ඇති කිරීමට බව
හිටපු එ.ජා.ප නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා
පවසයි.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතින්නේ පාලකයින්ගේ බලය , ජනතා නියෝජිතයින්ගේ බලය සීමා කිරීමට බවත්, එමගින් ජනතා පරමාධිපත්‍යය තහවුරු වන බවත් ,විවිධත්වය තුළ සමගිය තහවුරු කර කිසිවකුගේ අයිතීන් අහිමි නොකර සියලුදෙනාගේ අයිතීන් තහවුරු කිරීම එමගින් සිදුවන බවත් මන්ත්‍රීවරයා පවසයි.
එහෙත් පාලකයින්ගේ බලය වැඩි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීම දැන් මෙරට හොඳම විහිළුව බවට පත්ව ඇති බව ජයසූරිය මහතා කියා සිටියේ අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
පසුගිය වකවානුව තුළ ව්‍යාවස්ථා ප්රතිංස්කරණ සිදුකෙරුණේ ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට ,ඒවා ජනතා පරමාධිපත්‍යයට අහිතකර නම් ඊට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කිරීමට තරම් හෝ කාලයක් ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට ලබා නොදීමෙන් බව ඔහු පෙන්වා දුන්නේය.
මේ රටේ රාජ්‍ය සේවය දේශපාලනීකරණය ඇරඹුණේ 1972 ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය නිලධාරීන් පත් කිරිම කැබිනට් මන්ඩලය යටතට ගැනීමෙන් බවත් , එතැන් සිට පොදු මහජනතාවට මහජන සේවා සපයන ලද්දේ දේශපාලනික පදනමකින් බවත් ජයසූරිය මහතා සිහිපත් කළේය.
17 වන සංශෝධනය ඉදිරිපත් කෙරුනේ මෙකී සමාජයික හා දේශපාලනික පරස්පරය නැති කිරීමට බවත් , ඒ තුළින් රාජ්‍ය ආයතන නිර්දේශපාලනිකරණය වුණු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එසේ වුවද අද නැවතත් එකී පූර්ණ බලතල 18 වන සංශෝධනය හරහා විධායකයට ලබාදී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මේ රටේ ව්‍යස්ථාපිත රජෙකු බිහිවී ඇති බවත් ඔහු කියා සිටියේය.
ඉන්දුනීසියාවේ මාර්කෝස්ගේ පාලනය මෙන් ඉරානේ ෂා රජුරුවන්ගේ පාලනය මෙන් අඛණ්ඩව බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබී තිබෙන බවත්, හිට්ලර් පාර්ලිමේන්තුවට ගිනි තබමින්, පාර්ලිමේන්තුව අකර්මන්‍ය කරමින් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයකට ගමන් කළ බවත්, අවසානයේ ඒ තුළින් ඔහු මුළු මහත් ජර්මනියම විනාශ මුඛයට ඇද හෙළූ හැටි ලෝක ඉතිහාසයේ සටහන් වී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ අයුරින් ප්රජාතන්ත්රවාදය හැකිළීමේ, ප්රජාතන්ත්රවාදය වළපල්ලට යැමේ අමිහිරි අත්දැකීම්වලට මේ රටේ ජනතාවට දැන් මුහුණ දෙමින් සිටින බවත් , ජනතා හඬට මුඛවාඩම් බැඳීම නිසා ඇති වන තත්ත්වය තුළ මේ රෙජීමය ඉස්සරහට යන බවත් ,මේ රෙජීම් එක අවසන් කරන්න වෙන්නේ විශාල ජනතා නැඟිටීමකින් පමණක් බවත්, ඒ නිසා නැවත ආයුධ සන්නද්ධ දේශපාලනයක් මේ රටේ නිර්මාණය වීමේ අනතුර රටේ ගොඩනැඟෙමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ සියලු ව්‍යවස්ථා සංශෝධන සමස්ථ ප්‍රශ්නයට පිළිතුරක් නොවන බවත්, ඒවා ගෙනාවේ එම මොහොතේ තිබෙන ප්‍රශ්නයෙන් ගැලවීමට හෝ තමන්ගේ බලය කෙසේ හෝ තහවුරු කරගැනීම සඳහා පමණක් බවත් කරූ ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.
ඒ නිසාම පනත් සංශෝධනය හෝ නව පනත් ගෙන ඒම අප රටේ සමස්ථ ප්රජාතන්ත්රවාදයේ ප්‍රශ්නයට පිළිතුරක් නොවන පැලැස්තර ඇළවීමේ උත්සාහයන් පමණක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

No comments:
Post a Comment