Tuesday, 9 July 2013

මන්ත‍්‍රිවරුන්,36 කට එරෙහිව කොමිෂම වැඩ අල්ලයි

අයථා ලෙස වත්කම් ඉපැයිම් සහ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත‍්‍රිවරුන්, 36 දෙනෙකුට එරෙහිව විමර්ශන සිදුකරන බව අල්ලස් හෝ දුෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව පැවසුවේ මේ පිරිසට ප‍්‍රාදේශිය සභා සභාපතිවරු, නගරාධිපතිවරුන් කිහිප දෙනෙක් ද ඇතුළත් වන බවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් මේ වන විට ද පළාත් සභා හා පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකුට පමණ නඩු පවරා තිබෙන බව ද එම කොමිසම පවසයි. මෙම සිද්ධින් සම්බන්ධයෙන් විධීමත් පරික්‍ෂණ පවත්වන බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. තව ද මෙම අල්ලස් ගැනීම වැලැක්වීම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් රට පුරා විශේෂ දැනුම්වත් කිරිමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව ද එම කොමිසම පවසා සිටියේ

No comments:

Post a Comment