Thursday 8 August 2013

හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා - සබීතා පෙරේරා


 

 

 

“ජනප්‍රිය සුපිරි නිළියෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා” --- සුනිල් හඳුන්නෙත්ති කියලා නිලියන්ට මල පැනලා

මේ මාතෘකාවේදී මේ රටේ එක්තරා දේශපාලනඥයෙක් ‘නිළියන්’ පිළිබඳ බරපතළ ප්‍රකාශයක් කළා. ඒ කතාබහ ඇතිවුණේ කොහොම ද? 
මීට වැඩි වගකීමකින් කතා කළ යුතුයි  සබීතා පෙරේරා

මෙවැනි උදවිය මෙහෙම බාල කතා කියන්නෙ මොන පදනමක සිට ද කියා කියන්න මා නම් දන්නේ නැහැ. කලා ක්‍ෂේත්‍රයේ අය ජනප්‍රියයි. ජනප්‍රිය බව නිසාම කතා හැදෙන එකත් ජනප්‍රියයි. ඔවැනි අතිශය බරපතළ ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කියන්නට තරම් එහි ඇත්ත මා දන්නේ නැහැ.

හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. වැරදි නැති අය මේ මහපොළොව මත නැහැනේ. නිළියන් කියන පිරිසට පමණක් ඇඟිල්ල දිගුකිරීම වැරදියි.

තවත් අයට වැරදි කියනවා නම් ඒ පිළිබඳ කරුණු කාරණා ද පෙන්විය යුතුයි. කිව යුතුයි. නිකරුණේ මඩ ප්‍රකාශවලින් බලාපොරොත්තු වන්නේ කුමක් ද කියා හිතාගන්න බැහැ. කොහොම නමුත් මහජනයා අතර ගැවසෙන ඔවුන් වැනි අය මීට වඩා වගකීමකින් ප්‍රකාශ නිකුත් කළ යුතුයි. මෙවැනි පහත් ප්‍රකාශයක් කිරීම ගැන මා කනගාටුවෙනවා වගේම එය මා තරයේ හෙළා දකිනවා.

No comments:

Post a Comment