Thursday, 1 August 2013

නාට්‍ය කණ්ඩායමට වදයක් ස්වර්ණවාහිනිය, දම්සාරිව හලයි

ස්වර්ණවාහිනී නාළිකාවේ සතියේ දින පහේම විකාශය වන ‘දම්සාරි’  ටෙලියේ ‘දම්සාරි’ ලෙස රගන ශෙරිල් රොමේන් ඩෙකර් ඉන් ඉවත්කර ඇතැයි  වාර්තා වේ.

ඇය මෙසේ ඉවත් කිරීමට හේතුවී ඇත්තේ ශෙරිල් දැඩි අසනීප තත්ත්වයේ  පසුවීම බව පැවසේ.

සතියේ දින පහේම විකාශය වන මේ ටෙලියේ රූගත කිරීම්ද සතිය පුරා පැවැත්වෙන අතර ශෙරිල්ගේ අසනීප තත්ත්වය හේතුවෙන් නාට්‍ය කණ්ඩායමට සිය රූගත කිරීම් දිගටම සිදු කිරීමට නොහැකිවීම ඊට තවත් හේතුවක් බවද වාර්තා වේ.



කෙසේවුවද   වාර්තා වෙන තවත් හේතුවක් වන්නේ ශෙරිල් ඉවත්කර ඇත්තේ ඇය නාට්‍ය කණ්ඩායමට වදයක් වීම නිසා බවයි.

එම ටෙලියට ඇය මුලින්ම සම්බන්ධ වෙද්දී දිනකට අයකර ඇත්තේ රුපියල් 7,000 ක් බවත්, එම මුදලට ඇය දිනකට කොටස් අටක් මුලින් රගපා තිබේ.
පසුව ඇය එය දිනකට කොටස් 7 දක්වා පහළ බස්සා ඇත.

එතැකින්ද නොනැවතුන ඇය ඉන් පසුව සිය මුදල දිනකට රුපියල් 10,000 ක් දක්වා වැඩිකරගෙන ඇත්තේ කරදර කිරීමෙන් පසුව බවද පැවසේ.

ඇය විවාහ වීමෙන් පසුව එම ටෙලියේ රූගත කිරීම් සදහා එක්ව ඇත්තේ සවස 5.00 දක්වා පමනි.

මෙලෙස ඈ දිනෙන් දිනම සිය වටිනාකම වැඩිකර ගැනීමට උත්සාහ කිරීම නිසා ස්වර්ණවාහිනී බලධාරීන් ඇය ඉවත්කර ඇති බව පැවසේ.

‘දම්සාරි’ ගිහාන් රෝහණගේ ටෙලි සිතුවමක් වන අතර ඔහු මීට ප්‍රථම චක්‍රාංගි, කටු කුරුල්ලෝ, පිනි අග පුළිඟු වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කොට ඇත.

‘දම්සාරි’ගෙ අම්මා ජීවතුන් අතර නොවන අතර පියා මත්පැනට ඇබ්බැහිව සිටින්නෙකි.

ඒ පීඩාවල් මධ්‍ය යේ අම්මා කෙනෙක් මෙන් සිය සහෝදරියන් බලා කියාගෙන්නා චරිතයක් දම්සාරි හරහා නිරූපනය වේ.

No comments:

Post a Comment