Tuesday 6 August 2013

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හෝමාගම ආසනයේ සංවිධායක ජාතික නිදහස් පෙරමුණ සාමාජිකයකු

naleen democratic 410px 06-සරත් ෆොන්සේකා මහතා විසින් ඔහුගේ  'ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ'  හෝමාගම ආසනයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස, ප‍්‍රකට වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා නළුවකු වන නලීන් ප‍්‍රදීප් උඩුවෙල මහතා පත්කර ඇත.
විමල් වීරවංශ අමාත්‍යවරයාගේ 'ජාතික නිදහස් පෙරමුණ' සාමාජිකයකු ලෙස කටයුතු කල උඩුවෙල මහතා, පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයකදී සන්ධානය යටතේ හෝමාගමට තරඟ කලද මන්ත්‍රීවරයකුවිමට තරම් ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් හිමි නොවිය.
ඉන් අනතුරුව දේශපාලන කටයුතු වළින් ඈත්ව සිටි උඩුවෙල මහතා, මේවනවිට ෆොන්සේකා මහතා සමග ක්‍රියාකාරී දේශපාලනයට එක්ව සිටියි.  ඔහු ඉදිරි දින කිහිපයේ දී 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' අපේක්ෂකයින්ට සහය දැක්වීම සඳහා ෆොන්සේකා මහතා සමග පළාත් සභා  මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට නියමිත ය.

No comments:

Post a Comment