Wednesday, 10 July 2013

මහේලගෙන් වාර්තාවක්

ජගත් එක්දින කි‍්‍රකට් පිටියේ තවත් වාර්තාවකට හිමිකම්කීම් කියමින් ශී‍්‍ර ලංකා ක්‍රිකට් කී‍්‍රඩක මහේල ජයවර්ධන ඊයේ (09) එක්දින පිටියේදී උඩපන්දු 200ක් රැකගත් ලොව පළමු කී‍්‍රඩකයා බවට පත්විය.
ඉන්දියාව සමග ඊයේ පැවැති තරගයේදී දෙසිය වැනි උඩපන්දුව ලෙස මහේල රැකගත්තේ ෂිකර් ධවාන්ගේ උඩපන්දුවකි.
එක්දින පිටියේ වැඩිම උඩපන්දු රැකගත් කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවන ස්ථානය ඔස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටින්ට හිමිව ඇත. තරග 375කට කී‍්‍රඩා කළ පොන්ටින් රැකගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 164කි.
ටෙස්ට් තරගවලද වැඩිම උඩපන්දු රැකගත් කී‍්‍රඩකයන් අතර 3 වැනි ස්ථානය මහේල ජයවර්ධනට හිමිව තිබේ. ඔහු ටෙස්ට් තරග 138කට කී‍්‍රඩා කරමින් මේ වන විට රැක ගෙන තිබෙන උඩපන්දු සංඛ්‍යාව 194කි.

No comments:

Post a Comment