විද්වත් ලේඛයකු ,තීරු ලිපි රචකයෙකු සහ මාධ්‍ය ක්‍රියාධරයෙකු වන
ගාමිණි වියන්ගොඩ මහතාව රජයේ නාලිකාවක ප්රවෘත්ති විකාශයෙන් අපවාදයට ලක් කල
අතර එම රජයේ නාලිකාවක ප්‍රසිද්ධියේ ගාමිණි වියන්ගොඩ මහතාගෙන් සමාව ගත යුතු
බව සාධාරණත්වය හා ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් පෙනී සිටින විද්වත් මඩුල්ලක්
පවසයි.
අද (17)කොළඹ ජාතික පුස්තකාලයේ පැවතී මෙම මාධ්‍ය සාකච්ජාවට ගාමිණි වියන්ගොඩ ඇතුළු බොහෝ ප්රවිණ මඩුල්ලක් සහභාගී වී සිටියා.සංජිව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කල "ඉගිලෙන මාළුවෝ"නම් සිංහල චිත්‍රපටය බණ්ඩාරනායක ජ්‍යාතන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේහි පැවති ප්‍රංශ සිනමා උළෙලේදී පෙන්වීම හේතුවෙන් ඉකුත් 12 වන සිකුරාදා දින එම ප්‍රංශ සිනමා උළෙල අත්හිටුවීම සමගින් එයට වියන්ගොඩගේ නම ඈදා ගෙන තිබුනා.ඒ ගැන පැහැදිලිව වග කිව යුත්තේ ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය සදහා මහජන රැගුම් පාලක මණ්ඩලය විසින් නිකුත් කල සහතිකයේම සිනමා උළෙලට සිමා කෙරුණක් වන බවයි.එම නිසා මේ සිදුවීමට ගාමිණි වියන්ගොඩගේ කිසිදු සම්බන්දයක් නොමැති බව එම විද්වත් මණ්ඩලය වැඩි දුරටත් පැවසිය.
මෙම සාකච්ජාවට අදහස් දක්වමින් ගාමිණි වියන්ගොඩ මහතා කියා සිටියේ මෙවන් අදහසකි......
"ඉගිලෙන මාළුවෝ"සිංහල චිත්‍රපටය එක්ක මගේ කිසිදු සම්බන්දයක් නෑ .මම මේ චිත්‍රපටය නරඹලා නෑ,දැකලත් නෑ .නමුත් මේ චිත්‍රපටය නිෂ්පදනය කල අධ්යක්ෂවරයා මම ටිකක් හදුනනවා. ඉට එහා මගේ කිසිම සම්බන්දයක් නෑ.එත් මම කලාකාරයෙක් ලෙස මේ චිත්‍රපටයේ අයිතිය ආරක්ෂා කරනවා.මේ චිත්‍රපටයේ ඇති ලිංගික දර්ශන තිබුනත් ඒක ඒ කලාකරුවාගේ අයිතියක්.ඒක අපි රැක ගන්න ඕනේ.ඒ වගේම තමයි මෙවැනි චිත්‍රපටයක ඇති මෙවැනි දර්ශන නිසා පාලකයින් විරෝධතාවයක් දක්වනවා නම් එක ගැන විවේචනය කරනවා වෙනුවට ය මාවත් මේකට සම්බන්ද කර ගත්තේ.මාව මේකට සම්බන්ධ කර ගෙන තියෙන්නේ මේ චිත්‍රපටයට මුදල් සොයා දීම හා වෙනත් අරමුදල් ලබා දීමට සම්බන්ධ ලෙස LTTE හා ඩයස්පොර්වේ තැරැව්කාරයෙකු ලෙසයි.මේ සේරම පාලකයින් කරන්නේ ජනතාවට ඇත්ත ලියන ලේඛයින් මර්ධනය කිරීමක පමණයි.
No comments:
Post a Comment