Thursday 11 July 2013

ඩබල් ගේම් ගැමුණු විෙජ්රත්න නන්නත්තාරයි: බස් වර්ජනය ඇන ගනී----

රාජපක්ෂ රෙජීමයේ සුරතලෙකු ලෙස රහසේ කටයුතු කරමින් බස් හිමියන්ගේ වීරයෙකු ලෙස මෙතෙක් කල් රඟපෑ ගැමුණු විෙජ්රත්නගේ ද්විත්ව රංගනයට කණ කොකා හැඩුවේ ය. බස් 20,000 ක් ගමනා ගමනයෙන් ඉවත් කරමින් ඔහු විසින් අද දියත් කරනවා යැයි කී බස් ගාස්තු වැඩි කර ගැනීමේ වර්ජනය පුස්සක් වීමෙන් පසු උදේ 10 පමණ වන විට බස් වර්ජනය අත හරින බව ප්‍රකාශ කෙළේය. ඊට හේතු ලෙස ගැමුණු විෙජ්රත්න පවසන්නේ අපූරු කතාවකි. එනම් තම ප්‍රාදේශීය නිලධාරීන් පසුපස පොලිසිය හඹා ගිය බවකි.

ගැමුණු ගේ කතාව බයිලාවක් වන්නේ කොළඹ මාතර, රත්නපුර, ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රධාන නගර රැසකින්ම ගැමුණුගේ ව්‍යාජ වර්ජනයට සහයක් නොලැබීමෙනි. කොළඹ නගරයේ පෞද්ගලික බස් විශාල ප්‍රමාණයක් ධාවනය වූ බැවින් වර්ජනයක් පෙනෙන්නට තිබුණේ නැත.

වර්ජනයට පෙරදී ම පසුගිය 09 දා ගැමුණු විෙජ්රත්න ගැන ලංකා ඊ නිව්ස් මෙසේ සටහන් කළේය.

"ගැමුණු කියන කතා විශ්වාස කිරීමට අපහසුය. ඔහුට රෙජීමයෙන් ලැඛෙන වරදාන මත තම මතය නිතර වෙනස් කර ගන්නා අවස්ථාවාදියෙකු ලෙස ගැමුණු විෙජ්රත්න ප්‍රකට ය. මොහු ඊයේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීය. වර්ජනයක් කළද එය කරන්නේ ජනාධිපතිගේ අවසරය මත රඟපෑමකට ය."

මහජනතාවට පමණක් නොව බස් හිමියන්ට ද දැඩි ලෙස බලපෑ විදුලි බිල් වැඩි කිරීමට එරෙහි මහජන සභවේ මෙහෙයුම් කමිටුවේ හිඳිමින් මැයි 21 දා පැවැති එක්දින සංඛේත වර්ජනයට සහාය නොදැක්වීමෙන් ගැමුණු විෙජ්රත්න යනු හොරි කෂඩයෙක් බව ජනතාව හඳුනාගෙන තිබිණ.

ඩබල් ගේම් කාරයන් අරගල වලින් පන්නා දැමීමට ජනතාව තීරණය කර ඇති බව ගැමුණුගේ නන්නත්තාර වීමෙන් පැහැදිලිය.

No comments:

Post a Comment