වයඹ සහ මධ්‍යම පළාත් සභා විසුරුවා
හැරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මහ ඇමැති ධුර සඳහා පළාත් දෙකේ ජේෂ්ඨ යන් අතර
බරපතළ ගැටුමක් හටගෙන තිබේ. වයඹ පළාත් මහ ඇමැති ධුරය සඳහා ජේෂ්ඨ ඇමැති
එස්.බී. නාවින්න මහතා තරග කිරීමට නියමිතය. ඒ සඳහා ජේෂ්ඨ ඇමැති තනතුරෙන් ඔහු
ඉල්ලා අස්වීමට නියමිත අතර දැනටමත් පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා
නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සියලු දෙනාත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී
ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් බහුතරයකුත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා
ඇත්තේ එස්.බී. නාවින්න මහතාට මහ ඇමැති ධුරය ලබා දෙන ලෙසයි.
එසේම නාවින්න ඇමැතිවරයා දැනටමත් වාරියපොළ සහ කුරුණෑගල ආසනවල බිම් මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් මුණ ගැසී සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ.
මේ අතර වයඹ හිටපු මහ ඇමැති නීතිඥ අතුල විජේසිංහ මහතාද පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් සහ ප්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරුන් මුණ ගැසී මහ ඇමැති ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙවර අතුල විජේසිංහ මහතාට මහ ඇමැති ධුරය ලබා නොදීමට නායක මට්ටමේ තීරණයක් ගෙන තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාද ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මන්ත්‍රිවරයාට වයඹ මහ ඇමැති ධුරය ලබා දෙන බවක් වාර්තා වුවද ඊට කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති වයඹ පළාත් ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන්ගේ හමුවේදීද ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට මහ ඇමැති ධුරයට තරග කිරීමට ඉඩ නොදෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් විමසීමේදී දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සඳහන් කෙළේ ආරාධනා රැසක් තිබුණද තමන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කිසිවකුට මේ ගැන පොරොන්දුවක් ලබා දී නැති බවත්ය. එහෙත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාම යෝජනා ලබා දෙන දිනයේදී ආණ්ඩුවට එක්වීමට මන්ත්‍රිවරයා සූදානමින් සිටින බවකි.
ඒ සමඟම පඬුවස්නුවර සහ බිංගිරිය ප්‍රාදේශීය සභා නියෝජනය කරන එජාප මන්ත්‍රින් පිරිසක්ද ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළිදරව් කර සිටී. මේ අතර මධ්‍යම පළාත් මහ ඇමැති ධුරයෙන් සරත් ඒකනායක මහතා ඉවත් කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබේ. සරත් ඒකනායක හිටපු මහ ඇමැතිවරයාගේ සහෝදරයකු වන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතා සහ ආණ්ඩුව අතර ඇති ගැටුමද මීට හේතු වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම පසුගිය කාලයේදී හිටපු මහ ඇමැතිවරයාට එරෙහිව මූල්‍ය අක්‍රමිකතා චෝදනා රැසක්ද එල්ල විය. මේ අතර මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වන බන්ධුල යාලේගම මහතාට මහ ඇමැති ධුරය ලබාදීමට ආණ්ඩුවේ නායක මට්ටමේ රැස්වීමකදී තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් රත්තොට ලංකා බැංකුව විවෘත කිරීමට ගිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාද ප්‍රසිද්ධියේ පවසා තිබේ. මේ පිළිබඳ දැන ගැනීමත් සමඟ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා බිම් මට්ටමේ ශ්‍රී ලනිප ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කරමින් මනාප සටන ආරම්භ කර තිබේ.
එසේම උතුරු පළාත් සභාවේ මහ ඇමැති ධුරය හිටපු එල්ටීටීඊ නායක කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට ලබාදීමට මුලදී ආණ්ඩුව තීරණය කර තිබුණද ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතන නඩුව සඳහා මදුරාසි මහාධිකරණය මඟින් කේ.පී. ව ලබා දෙන ලෙස ඉල්ලා ඇති නිසා ආණ්ඩුවේ තීරණය වෙනස් කර තිබේ. එම නිසා දයා මාස්ටර් හෝ තමිලිනී උතුරු පළාත් මහ ඇමැති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

akunta honda wede
ReplyDelete