Thursday, 3 October 2013

වයඹ මැදරට ඇමැතිවරු මෙන්න




rajaya



















 වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පළාත් සභාවේ මුදල් හා ක්‍රමසම්පාදන,නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, පරිසර,සංචාරක, ආයෝජන සම්බන්ධීකරණ, සමූපකාර සංවර්ධන සහ ආහාර සැපයුම් හා බෙදාහැරීම් අමාත්‍යංශයන්ද අයත්ය.

එසේම කේ. සනත් නිශාන්ත පෙරේරා වයඹ පළාත් කෘෂිකර්ම, ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ලෙසද ,සන්ධ්‍ය සමන්ත කුමාර රාජපක්ෂ මහතා වයඹ පළාත් සමාජ සුබ සාධන , පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ගුණදාස දෙහිගම මහතා , වයඹ පළාත් සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද, එච්.එම් ධර්මසිරි බණ්ඩාර හේරත් මහතා, වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව වාර්තා වේ.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වන සරත් ඒකනායක මහතාට මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලනය,මානව සම්පත්,අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, සංචාරක, ඉඩම්, වෙළඳ හා වාණිජ, ආහාර සැපයුම් හා බෙදාහැරීම් කටයුතු සහ ආයෝජන සම්බන්ධීකරණ, මෙන්ම වෙනත් අමාත්‍යංශයන් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබී තිබේ.

බී.එස් බණ්ඩාර යාලේගම මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන හා පරිවාස හා ළමා රක්ෂක සේවා අමාත්‍යවරයා ලෙසද ,රාමසාමී මුත්තයියා මහතා,මධ්‍යම පළාත් කෘෂි කර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන,ගොවිජන සංවර්ධන,ධීවර,පරිසර කටයුතු, හින්දු සංස්කෘතික කටයුතු සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

එසේම එදිරිවීර වීරවර්ධන මහතා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද, ටී.එම් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

No comments:

Post a Comment