Wednesday 21 August 2013

දයාසිරි සමෘද්ධි නිලධාරියෙකුට කාපු කෑම කටින් එන්න ගහලා

සිංදු රිලාසිරිටත් මරා උණ වැළඳේ: සමෘද්ධි නිලධාරියෙකුට කාපු කෑම කටින් එන්න ගහලා-------

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.21, ප.ව.7.30) කෝටි 25 කට ආත්මය පාවාදී මෘග මිනීමරු ආණ්ඩුවට බල්ටි ගැසූ සිංදු රිලාසිරි ද චන්ඩියා වී රජයේ නිලධාරීන්ට පහර දීම ආරම්භ කර ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.

මෙතෙක් කාලයක් සිංදු කියමින් සිටි රිලාසිරිට ද මරා උණ වැළැඳී ඇති අතර ඔහුගේ ලඟම හෙංචයි ලේකම් වරයෙකු විසින් පහර දී ඇත්තේ මදුල්ල ග්‍රාමසේවා වසමේ සමෘද්ධි නිලධාරී අධිකාරී පතිරණලාගේ පියතිලක ඒකනායක මහතාට ය. රිලාසිරිගේ ප්‍රධාන කාර්යාලය වන කුරුණෑගල හෙට්ටිපොල පිහිටි කාර්යාලයේදී මෙසේ ම්ලේච්ඡ ලෙස පහර දී ඇති රිලාසිරිගේ ලේකම් වරයා 'කාන්ත' නමින් හඳුන්වන පුද්ගලයෙකි.

රිලාසිරි ද මරාගේ අඩි පාරේ යමින් ඡන්ද දන්සැලක් විවෘත කර ඇති අතර එහි කෑමෙන් පසු වතුර නැති වීම නිසා සමෘද්ධි නිලධාරී පියතිලක ඒ ගැන ප්‍රශ්න කළ විට "යකෝ තෝ නිකං කාල තව පාට් එක දාන්නත් එනවා දැයි" අසා කෑම කෑ පුද්ගලයාට කාපු කෑම කටින් එන තුරු පහර දී තිබේ.

මෙය 18 දා සිදුව ඇති අතර සමෘද්ධි නිලධාරියා හෙට්ටිපොල පොලිසියට පැමිණිලි කර ඇති අතර රිලාසිරිගේ ලේකම් වරයා මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

රිලාසිරි විපක්ෂයේ සිටියදී දුරාචාර්ය මර්වින් සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීම ගැන මහා ඉහලින් විවේචනය කළ පුද්ගලයෙක් වන අතර බල්ටි ගැසීමෙන් පසු ඔහු සමෘද්ධි නිලධාරීන් ගස් බඳිනවා වෙනුවට කාපු බත් කටින් එන තුරු සමෘද්ධි නිලධාරීන්ට පහර දීම අරඹා තිබේ.

චන්ඩි උණ ගසා ඇති සිංදු රිලාසිරි තමා ඉවත්වීමෙන් පසු ප~ුවස්නුවර එජාප නව සංවිධායක ලෙස පත් කළ නීතිඥ සිදත් බණ්ඩාර මහතාගේ මැතිවරණ කාර්යාල වෙත තම මැරයන් යොදවා පහර දී ඇතැයි බණ්ඩාර මහතා චෝදනා කරයි. සාධාරණ අන්දමින් එජාප පාක්ෂිකයන් රිලාසිරි සමග ඒකරාශී වූයේ නම් එජාප කාර්යාල වලට පහරදෙමින් එජාප පාක්ෂිකයන්ට මැර තර්ජන කරන්නේ ඇයිදැයි බණ්ඩාර මහතා විමසයි. 
කෝටි 25 කට ආත්මය පාවාදී මෘග මිනීමරු ආණ්ඩුවට බල්ටි ගැසූ සිංදු රිලාසිරි ද චන්ඩියා වී රජයේ නිලධාරීන්ට පහර දීම ආරම්භ කර ඇතැයි  වාර්තා වේ.

මෙතෙක් කාලයක් සිංදු කියමින් සිටි රිලාසිරිට ද මරා උණ වැළැඳී ඇති අතර ඔහුගේ ලඟම හෙංචයි ලේකම් වරයෙකු විසින් පහර දී ඇත්තේ මදුල්ල ග්‍රාමසේවා වසමේ සමෘද්ධි නිලධාරී අධිකාරී පතිරණලාගේ පියතිලක ඒකනායක මහතාට ය. රිලාසිරිගේ ප්‍රධාන කාර්යාලය වන කුරුණෑගල හෙට්ටිපොල පිහිටි කාර්යාලයේදී මෙසේ ම්ලේච්ඡ ලෙස පහර දී ඇති රිලාසිරිගේ ලේකම් වරයා 'කාන්ත' නමින් හඳුන්වන පුද්ගලයෙකි.

රිලාසිරි ද මරාගේ අඩි පාරේ යමින් ඡන්ද දන්සැලක් විවෘත කර ඇති අතර එහි කෑමෙන් පසු වතුර නැති වීම නිසා සමෘද්ධි නිලධාරී පියතිලක ඒ ගැන ප්‍රශ්න කළ විට "යකෝ තෝ නිකං කාල තව පාට් එක දාන්නත් එනවා දැයි" අසා කෑම කෑ පුද්ගලයාට කාපු කෑම කටින් එන තුරු පහර දී තිබේ.

මෙය 18 දා සිදුව ඇති අතර සමෘද්ධි නිලධාරියා හෙට්ටිපොල පොලිසියට පැමිණිලි කර ඇති අතර රිලාසිරිගේ ලේකම් වරයා මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

රිලාසිරි විපක්ෂයේ සිටියදී දුරාචාර්ය මර්වින් සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීම ගැන මහා ඉහලින් විවේචනය කළ පුද්ගලයෙක් වන අතර බල්ටි ගැසීමෙන් පසු ඔහු සමෘද්ධි නිලධාරීන් ගස් බඳිනවා වෙනුවට කාපු බත් කටින් එන තුරු සමෘද්ධි නිලධාරීන්ට පහර දීම අරඹා තිබේ.

චන්ඩි උණ ගසා ඇති සිංදු රිලාසිරි තමා ඉවත්වීමෙන් පසු ප~ුවස්නුවර එජාප නව සංවිධායක ලෙස පත් කළ නීතිඥ සිදත් බණ්ඩාර මහතාගේ මැතිවරණ කාර්යාල වෙත තම මැරයන් යොදවා පහර දී ඇතැයි බණ්ඩාර මහතා චෝදනා කරයි. සාධාරණ අන්දමින් එජාප පාක්ෂිකයන් රිලාසිරි සමග ඒකරාශී වූයේ නම් එජාප කාර්යාල වලට පහරදෙමින් එජාප පාක්ෂිකයන්ට මැර තර්ජන කරන්නේ ඇයිදැයි බණ්ඩාර මහතා විමසයි.

No comments:

Post a Comment