Wednesday, 21 August 2013

ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු රැගත් සුඛෝපභෝගී ජීප් රථයක් වේගයෙන් පැමිණ මහනුවර ඇසළ උළෙලේ සිවුවැනි රන්දෝලි පෙරහර පසුගිය 19දා රාත‍්‍රියේ වීදි සංචාරය කරමින් තිබියදී එකවරම පෙරහර මාර්ගයට පිවිසීම

ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකු රැගත් සුඛෝපභෝගී ජීප් රථයක් වේගයෙන් පැමිණ මහනුවර ඇසළ උළෙලේ සිවුවැනි රන්දෝලි පෙරහර පසුගිය 19දා රාත‍්‍රියේ වීදි සංචාරය කරමින් තිබියදී එකවරම පෙරහර මාර්ගයට පිවිසීම නිසා පෙරහර නැරඹීමට මග දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව මෙන්ම රාජකාරියට යොදවා සිටි පොලිස් නිලධාරීහුද දැඩි අපහසුතාවකට පත්වූ බව වාර්තා වෙයි.

මන්ත‍්‍රීවරයා ඔහුගේ රථයෙන් පෙරහර මාර්ගයට කඩාවැදීමෙන් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ගරුත්වයට හානියක් සිදුකළ බවත් සිද්ධිය පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළකරන බවත් මල්වතු මහා විහාරවාසී හෙට්ටිමුල්ලේ සාරානන්ද හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය පවසති.

මාර්ග බාධක යොදා තිබියදීත් මන්තී‍්‍රවරයාගේ රථයට පෙරහර මාර්ගයට පැමිණීමට අවසර දුන් පොලිස් නිලධාරීන්ටද ජනතාව දැඩි අප‍්‍රසාදය කර ඇත.

කිසිදු දිනක පෙරහර වීථි සංචාරය කරන අවස්ථාවක මහනුවර පෙරහර ඉතිහාසයේ රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූවරයකු හෝ රථවාහනවලින් පෙරහර මාර්ගයට නොපැමිණි බව කී හෙට්ටිමුල්ලේ සාරානන්ද හිමියෝ මේ පිළිබඳව රථයේ සිටි මන්ත‍්‍රීවරයා හෝ රථය පැදවූ රියැදුරා හෝ දැනුම්වත් කිරීමට පෙරහැරට ආරක්ෂාව සැලසූ පොලිස් නිලධාරීන් පියවර නොගැනීම බලවත් කනගාටුවට හේතුවකැයි පැවසූහ.

No comments:

Post a Comment