Wednesday, 21 August 2013

දයාසිරිගේ මැරයෝ අපේ කාර්යාල කඩනවා. - පඩුවස්නුවර නව එ.ජා.ප සංවිධායක නීතිඥ සිදත් බණ්ඩාර මහතා

දයාසිරිගේ මැරයෝ අපේ කාර්යාල කඩනවා කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතාගේ මැර කණ්ඩායමක් විසින් තම මැතිවරණ කාර්යාලයට පහර දුන්නේ යයි පඩුවස්නුවර නව එ.ජා.ප සංවිධායක නීතිඥ සිදත් බණ්ඩාර මහතා පවසයි.
කුරුණෑගල නගරයේ නව එ.ජා.ප මැතිවරණ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡවකදී බණ්ඩාර මහතා පැවසුවේ ගරාජ් අංක සහිත හා අංක තහඩු නොමැති වාහන හතරකින් පැමිණි මැර පිරිස කාර්යාලයට පහර දී බැනර් කටවුට් සියල්ලම කඩා දමා පාක්ෂිකයන්ට මරණීය තර්ජන කළ බවයි.
‘පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක වන මගේ පඩුවස්නුවර පිහිටි මැතිවරණ කාර්යාලයට පහර දුන් දයාසිරි ජයසේකරගේ මැරයෝ අපේ පාක්ෂිකයන්ට මරණීය තර්ජන එල්ල කර තිබෙනවා.
සාධාරණ අන්දමින් ජයසේකර මහතා සමග එ.ජා.ප පාක්ෂිකයන් ඒකරාශී වුයේ නම් මැරයන් යොදවා පහරදීම් හා බියවැද්දීම් කරන්නේ ඇයිද යන්න මා ප‍්‍රශ්න කරනවා.මම මේ පිළිබදව 18 වෙනිදා හෙට්ටිපොළ පොලීසියට පැමිණිලි කළා’ යයිද ඒ මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment