Wednesday 21 August 2013

කුරුණෑගල දිස්ත්‍රිකයේ දි දයාසිරිට ජනතාවගේ ඇති අප්‍රසාදය

මාකදුර ප්‍රදේශයේ දයාසිරිගේ පොස්ටර් වල පමණක් කළුතෙල් ගා ඇත.මෙයින් හැගී යන්නේ මනාප පොරයද නැත්නම් දයාසිරිට ජනතාවගේ ඇති අප්‍රසාදයද යන්නයි.මටනම් හැගෙන්නනේ දයාසිරිගේ ජනප්‍රියත්වය දිනෙන් දින අඩුවන බවයි.ඔහු සමග සිටි බොහෝ එජාප පාක්ෂිකයන් දැන් නැවත එජාපය වටා රොක්වෙමින් පවතී.දයාසිරිට එජනිස නොවන ඡන්ද 2000 වඩා ලැබෙන්නේ නැත.දයාසිරි පෝම් කරමින් කරේතියාගෙන දුවන්නේ මේ 2000කට ආසන්න පිරිස වන අතර මේ හේතුව නිසාම සන්ධානය ඇතුලට දැඩි අර්බුදකාරී තත්වයක් පැනනැගී ඇත.පැරණි ශ්‍රීලංකා කාරයන් දැන් අනාත වී ඇත.පැරණි පාක්ෂිකයන් දැන් දයාසිරි නිසා එජනිස ඡන්දය නොදෙන තැනට පත්ව ඇත.සමහරු පක්ෂයට විතරක් ඡන්දය දීමට තීරණය කර ඇත.තව සමහරු අතුල මහතාට පමණක් මනාප දීමට තීරණය කර ඇත.මේ හැම කරුණකින්ම එජාපයට වාසිදායක තත්වයක් දැන් කුරුණෑගල උදාවී ඇත.පලාත් සභා කොහොමත් පවතින ආණ්ඩුව දිනාගන්න එක සම්ප්‍රධායක් වී ඇත.ඒ සදහා විධායක ජනාධිපතික්‍රමයේ බලය මෙන්ම ආණ්ඩුවේ බලය උපරිම යොදාගැනීම ඊට හේතුවයි.නමුත් කුරුණෑගල දිස්ත්‍රිකයේ ජිවත්වන පුද්ගලයෙකු හැටියට මට කියන්නට ඇත්තේ මෙවර එජාපය ගියවරට වඩා මන්ත්‍රීදූරයක් හෝ වැඩිපුර ලබාගන්නා තත්වයක් දයාසිරිගේ යාමත් සමග දැන් උදාවී ඇති බවයි.

No comments:

Post a Comment