විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (20)සන්ධ්‍යාවේ නවදිල්ලි
අගනුවර පිහිටි ඉන්දීය ජනපති නිල නිවස වන රාශ්ඨපතිභවන් හීදී ඉන්දීය
අග්‍රාමාත්‍ය ශ්‍රී ප්රනාබ් මුකර්ජි මැතිතුමා මුණගැසී සාකච්ඡා පැවැත්වීය.
පැයකට ආසන්න කාලයක් පැවතුණු නායකයින් දෙපළගේ සාකච්ඡාව අතරතුරදී ශ්‍රී
ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතාවයන්හි වත්මන් තත්ත්වය පිළිබඳවත්
දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කරලීම පිළිබඳවත් අවධානය යොමුවිය.
එමෙන්ම කලාපීය සම්බන්ධතාවයන් පිළිබඳව මෙන්ම ආර්ථික ප්රවණතාවයන් සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුකෙරින.
තෙදින නිල සංචාරයක් වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ගොස් සිටින
විපක්ෂනායකතුමා සමස්ත ඉන්දීය කොංග්රස් කමිටුවේ මහලේකම් දිග්විජය සිං මහතා
සමගින්ද සාකච්ඡා පැවැත්වීය.
දෙරටෙහි දේශපාලනික ප්රවණතා හා විවිධ ක්ෂේත්රයන්හි සම්බන්ධතා පිළිබඳවද එහිදී අවධානය යොමුකෙරී තිබුණි.
හිටපු ඉන්දීය මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයෙකුද වන
භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන යස්වාන්ත් සිං මහතා සමගින්ද
විපක්ෂනායකතුමා සාකච්ඡා පැවැත්වූ අතර ඉන්දීය හා ශ්‍රී ලාංකීය දේශපාලන
සබඳතාවයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරින.
විපක්ෂනායකතුමා අද ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා සමගින් සාකච්ඡා කිරීමට නියමිතය.
No comments:
Post a Comment