Monday 18 November 2013

ජි.එල් පිරිස් මුළු පවුල පිටින් රට සවාරි ගෙහුවා විතරයි.රාජ්‍ය නායකයන්ගේ හිත දින ගත්තේ නෙහෙ,අඩුම රාජ්‍ය නායක සහබගිත්වය ලංකාවේදී --තිස්ස

The Commonwealth Heads of Government Meeting
පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන පනස් තුන් දෙනා අතරින් කොළඹ පැවති සමුළුව සඳහා සහභාගි වූයේ රාජ්‍ය නායකයන් විසි එක් දෙනකු පමණක් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
මෙය මෑත ඉතිහාසයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගි වූ අඩුම රාජ්‍ය නායකයන් සංඛ්‍යාව බවයි, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

"මේක ආණ්ඩුව විග්‍රහ කරන්න යනවා වෙන වෙන විදිහට, හැබැයි රටවල නායකන් ආවේ විසි එකයි," යනුවෙන් ඔහු සඳහන් කළේය.
රාජ්‍ය නායකයන් තිස් හත් දෙනකු මෙවර සමුළුව සදහා තම සහභාගිත්වය ස්ථිර කර ඇතැයි සමුළුවට පෙර රජය කියා සිටියේය.
කෙසේ නමුත් රාජ්‍ය නායකයන් මෙතරම් අඩු පිරිසක් කොළඹ සමුළුවට සහභාගි වීම ආණ්ඩුවේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ අදහසයි.
වියදම

"2011 ඕස්ට්‍රේලියාවේ පර්ත් වලට ආව තිස් හයක්. 2009 ට්‍රිනිඩෑඩ් වලට ආව තිස් හතරක්, 2007 උගන්ඩාවට ආව තිස් හතක්. 2005 මොල්ටාවට ආව තිස් අටක්. 2003 නයිජීරියාවට ආව තිස් අටක්. 99 දකුණු අප්‍රිකාවට ආව හතලිස් හතක්," බවද ඔහු පැවසීය.
සමුළුව සදහා ආණ්ඩුව රුපියල් බිලියන දාහතරක් වියදම් කල බව පවසන එජාප මහ ලේකම්වරයා, එම ජනතා මුදල වියදම් කල ආකාරය පිළිබඳව රජය පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවද කියා සිටියේය.
සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම මගින් සැබවින්ම සිදු වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ජාතික ගැටලුව සම්බන්ධ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීම පමණක් බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.
ලබන මාර්තු මාසය වන විට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මතු කිරීමට සිදු වනු ඇති බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, කුමන ආකාරයේ හෝ ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයකට තම පක්ෂය විරුද්ධ බව කියා සිටියේය.

No comments:

Post a Comment