Monday 18 November 2013

පහත රට තේ වලට වැඩ වරදි.....

කොළඹ තේ වෙන්දේසියේදී පහත රට තේ මිල නොවැම්බර් පළමු දෙසතිය තුළ මහා පරිමාණයෙන් පහත වැටී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ ඉහළ කළමනාකරණය කියයි.කොළඹ තේ වෙන්දේසි පොළේ පසුගිය ඔක්තෝබරයේ රුපියල් පන්සිය පනහට (550) අධික මිලකට වෙන්දේසි වූ පහතරට නිමි තේ කිලෝව නොවැම්බර් මුල් දෙසතියේදී රුපියල් පන්සිය හතට (507) අඩුවී තිබේ. මිල අඩුවීමෙන් තේ නිෂ්පාදකයාට විශාල අලාභයක් (ඊපචඤඥ ඹ්ධඵඵ) සිදුවෙන බව තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයා කීය.අමු තේ දලු කිලෝවක් සකස් කෙරෙන විට මාසයක් පමණ ගතවෙන බවද අමු තේ දලු කිලෝව මිලට ගැනෙන වටිනාකම සමඟ ගළපන විට මාසයකට පසුව නිමි තේ කිලෝවක වටිනාකම පහත වැටෙන විට සිදුවෙන අන්තර් වෙළෙඳ අලාභය නිෂ්පාදනයට තදින් බලපාන බවද පැවැසූ එම ප්‍රකාශකයා මේ මිල වෙනස්වීම සිදුවන්නේ ලංකාවේ තේ සඳහා ස්ථාවර මිලක් නොමැති නිසා බවද කීය.

No comments:

Post a Comment