Monday 1 July 2013

13-ප්ලස් වෙනුවට 13-මයිනස් රැගෙන බැසිල් ඉන්දියාවට: ඉන්දියාව පොදු රද සමුළුව වර්ජනය කරයිද?


තිස් වසරක් තිස්සේ දිග්ගැහුනු යුද්දයට දේශපාලන විසඳුමක් ලෙස 13 ප්ලස් විසඳුමක් දෙන බවට ඉන්දියාවටත් ලංකාවේ දෙමළ ප්‍රජාවටත් සමස්ත ලෝකයාටත් කී මැදමූලන බොරුකාර පවුල දැන් 13 මයිනස් විසඳුමකට යෑමට පිටපොට ගසමින් සිටී.

මේ පිලිබඳ ඉන්දියානු පිළිකුල ප්‍රකාශ කිරීමට ඉන්දීය ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් ලබන 07 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබියදී ලබන 04 දා මැදමූලන බොරුකාර පවුලේ බැසිල් රාජපක්ෂ ඉන්දියාව බලා යෑමට නියමිත ය. දින තුනක් තිස්සේ ඉන්දියාවේ සිටින බැසිල්, ශිවශංකර් මෙනන් සහ ඉන්දීය විදේශ ඇමැති සල්මාන් කුර්ෂිඩ් හමුවන බව පැවසේ. ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති ගෙදර සිටියදී ආර්ථීක සංවර්ධන අමැතිවරයා මෙසේ රටේ විදේශ කටයුතු පිලිබඳ ප්‍රශ්නයකට ඉන්දියාවට යෑමෙන් තහවුරු කරන්නේ ද රටේ පවුල් පාලනක් පවතින බවයි.

මේ අතර ඉන්දියානු ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකාවේ මරාණ්ඩුව 13 වන සංශෝධනය මයිනස් කළහොත් නොවැම්බරයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඉන්දියාව සහභාගී නොවනු ඇති බවයි. කලාපීය බලවතා වන ඉන්දියාව එම සමුළුවට සහභාගී නොවන්නේ නම් සමුළුවට සහභාගී වන අනෙකුත් රටවල්ද ඊට සහභාගී වීම දෙවරක් නොව සිව්වරක්ම සිතනු ඇත.

No comments:

Post a Comment