පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ අශීලාචාර හැසිරීමත්,
මිනීමැරුම්, ස්ත්‍රී¥ෂණ, මංකොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් හා අල්ලස් ගැනීම්
ආදිය නිසා ආණ්ඩුවේ ගෞරවය මෙන්ම ජනාධිපතිවරයාගේ ගෞරවයත් නැතිව යන බව ශ්‍රී
ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි.
පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ අශීලාචාර හැසිරීම් නිසා පක්ෂයේ මහ ලේකම්වරයා
ලෙස තමාගෙන් උත්සව වලදී සහ ප්රවෘත්ති සාකච්ඡුාවලදී අසන ප්‍රශ්ණවලට
පිළිතුරු ලබාදීමට අවස්ථාවක් නොලැබෙන බවද අමාත්‍යවරයා පැවෙසුවේ. මේ සෙල්ලම
මෙලෙස කිරීමට දිය නොහැකි බව පැවසූ අමාත්‍යවරයා පළෘත් පාලන ආයන සභාපතිවරුන්
හා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයක් ලෙස තීන්දු ගැනීමට සිදුවන බවද
කීවේය.
මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී¥ෂණ හා අල්ලස් ගැනීම් වැනි එ්වාට දඩුවම් ලබාදිය යුතු වන්නේ අධිකරණයෙන් බවද හෙතෙම සදහන් කළේය.
මොවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බවද ඇමතිවරයා කීය.
මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී¥ෂණ හා අල්ලස් ගැනීම් වැනි එ්වාට දඩුවම් ලබාදිය යුතු වන්නේ අධිකරණයෙන් බවද හෙතෙම සදහන් කළේය.
මොවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බවද ඇමතිවරයා කීය.
No comments:
Post a Comment