Wednesday, 17 July 2013

දයාසිරි 23 වනදා ආණ්ඩුවට ! මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා මිස මං රතු කාපට් එක හරහා පාර්ලිමේන්තුවේ පැති මාරු කරන්නේ නෑ -දයාසිරි ජයසේකර-----

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා මිස මං රතු කාපට් එක හරහා පාර්ලිමේන්තුවේ පැති මාරු කරන්නේ නෑ -දයාසිරි ජයසේකර-----
කුරුණෑගල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා ලබන 23 දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් රජය හා එක්වීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

විශේෂ ප්‍රකාශයෙන් පසු දයාසිරි සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී සන්ධානය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවට නාමයෝජනා බාරදීමට නියමිතව ඇති බවත් එම වාර්තාව කියා සිටී.

තමන් ආණ්ඩු පක්ෂයට එක්වන බවට පැතිර යන කතා බොරුවක් බවත් තමා පාර්ලිමේන්තුවේ රතු කාපට් එක හරහා කෙදිනකවත් ආණ්ඩුවේ පැත්තට නොයන බවත් එසේ කිරීමට සිදුවුවහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවත් කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත වෙත පවසා තිබේ.

දයාසිරි ජයසේකර මහතාගේ සරසවි මිතුරෙක් වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගමට අයත් දැන්වීම් ප්‍රචාරක ආයතනය විසින් දයාසිරිගේ පළාත් සභා මහ ඇමැති මැතිවරණ ව්‍යාපාරයට අදාල ප්‍රචාරක කටයුතු මේ වන විටත් සැලසුම් කරමින් සිටින බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යය දයාසිරි ජයසේකර මහතා ගෙන් විමසා ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ එය අසත්‍යයක් බවයි.
කෙසේ වෙතත් එජාපය විසින් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ක්‍රියාත්මක කරමින් තිබූ විනය පරීක‍ෂණය කෘත්‍යාධිකාරී කමිටුවේදී ඉවත් කර ගෙන තිබේ. විනය පරීක‍ෂනයක් පැවැත්වූයේ සිරිකොතට ගල් ගැහීමේ සිද්ධියට චෝදනා කරමිනි. පක්ෂයේ ප්‍රකාශකයෙක් සදහන් කර ඇත්තේ දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බවයි. දයාසිරි සමගම බුද්ධික පතිරණට එරෙහිව තිබූ විනය පරීක‍ෂණයද අත් හැර දැමීමට තීරණය වී තිබේ.

දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිපයේ සිට එජාපයට පැමිණියෙකි. එස්බී. ජී.එල්. බන්ධුල, ලක්ෂ්මන් කිරිඇල්ල ආදීන් 2001 දී ශ්‍රීලනිපයෙන් ඉවත් වී එජාපයට පැමිණි අවස්ථාවේදී දයාසිරි ජයසේකර මහතාද එජාපයට පැමිණියේය. එම අවස්ථාවේ ශ්‍රිලනිපෙන් කැඩීමට සූදානම්ව සිටි එම කණ්ඩායම සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත පණිවුඩ එහා මෙහා ගෙන ගියේ දයාසිරි ජයසේකර මහතා බවද වාර්තා වී තිබේ.

No comments:

Post a Comment