Thursday 11 July 2013

පකිස්තානු ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂකයා මරා දැමෙයි

පකිස්ථානයේ කරච්චි නුවර සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පකිස්ථානු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක බිලාල් ශෙයික් ඇතුළු තවත් දෙදෙනකු මරණයට පත් විය.
පුපුරා ගිය බෝම්බය කෙතරම් බලසම්පන්නද යන්න පැහැදිලි කරමින් පොලිසිය කියා සිටියේ ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා ගමන් ගත් වෙඩි නොවදින වාහනය පොඩිපට්ටම් වී ඇති බවයි.
මීට වසරකට පෙරදී ද බිලාල් ශෙයික් ඝාතනය කිරීමට උත්සාහයක් දැරූ අතර එය අසාර්ථක විය.
පකිස්තානු ජනාධිපති අසිෆ් අලි සර්දාරි විසින් මෙම ප්‍රහාරය හෙළා දකිනු ලබා තිබේ.

No comments:

Post a Comment