Thursday 18 July 2013

එක්සත් ජාතික පක්ෂ විනය පරීක්ෂණ වලට ලක් කර තිබු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පොදු සමාව


විනය කැඩු අලි යළි සිරිකොතට

unp-news-18713
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට පහර දුන් බවට හා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නියෝග නොතකා රැස්වීම් වලට සහභාගී වීමේ චෝදනාව මත විනය පරීක්ෂණ වලට ලක් කර තිබු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පොදු සමාව පිළිගෙන යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වෙයි.

2011.12.19 දින සිරිකොත පක්‍ෂ මුලස්ථානයට පහර දීම සම්බන්ධ විනය පරීක්‍ෂණ තිබූ හා 2012.10.18 දින හයිඩ් පාක් පිටියේ පැවති රැළියට සහභාගි වු මන්ත‍්‍රීවරුන් සම්බන්ධ විනය පරීක්‍ෂණ තිබූ එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් පොදු සමාවකට යටත් කළ අතර ඒ අනුව ඔවුන් අද සිරිකොතේදී පක්ෂ නායකවරයා හමුවී ඉදිරියේදී පක්ෂය දිනවන්න ප්‍රතිඥ්ඥා දී ඇතැයි වාර්තා වෙයි.

2011.12.19 දින සිරිකොත පක්‍ෂ මුලස්ථානයට පහර දීම සම්බන්ධ විනය පරීක්‍ෂණ ක්‍රියාත්මක වු මන්ත්‍රීවරුන් අතර , කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චමින්ද සෝමරත්න මහතා,කුරුණෑගල ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී බී.ඒ. නන්දන බාලසුරිය මහතා මාවතගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එම්. ලාෆීර් මොහොමඩ් රිෆාල් මහතා, අම්බලන්තොට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී කේ.ජී. අමිල ප‍්‍රසන්න මහතා,පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එච.එම් ජයරත්න මහතා,මීරිගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඒ.එම. ධම්මික සුභාෂ් අත්තනායක මහතා,කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඒ.යු. පේ‍්‍රමකියාස් මහතා මෙලෙස ප්‍රතිඥා දී තිබේ.

එමෙන්ම 2012.10.18 දින හයිඩ පාක් පිටියේ පැවති රැළියට සහභාගි වු මන්ත‍්‍රීවරුන් සම්බන්ධ විනය පරීක්‍ෂණ ක්‍රියාත්මක වු මන්ත්‍රීවරුන් අතරින් අලව්ව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ජෙ.එම්.අරුණ ජයලත් මහතා, කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එච. සුනිල් නිශ්ශංක මහතා, නාරම්මල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ආර්.එස්. දිනපුර්ණ මහතා, අද රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දිවුරුම් දී තිබේ.

No comments:

Post a Comment