Thursday 1 August 2013

වැඩ පළාතේ දේශපාලනඥයින්ටත් දැනුම් දිය යුතුයි - උපාලි කොඩිකාර



upali-kodikara-1813
කෙනෙකු ගොනාට ඇන්ඳවීම යනුවෙන් කටහවරේ එන යෙදුමක් තිබේ. එහෙත් තමන් විසින්ම ගොනාට ඇඳ ගැනීම ගැන නම් ඇත්තේ 'කට වහගෙන ඉන්නතාක් කල් මෝඩයාත් පණ්ඩිතයෙකුය' කියන කතාවය.

‘ටයි පටියක් දාගෙන හිටියට කමක් නෑ මෙතැන වැඩ කෙරෙන්න ඕනෑ මට ඕනෑ විදිහට. එහෙම නැත්තම් ගුටි කන්න තමයි වෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය නෙවෙයි මොකේ වැඩ කළත් රජයේ නිලධාරීන් වැඩකරන්න ඕනෑ දේශපාලකයින්ට ඕනෑ විදියටයි'
බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේදී පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අමතමින් එසේ පවසා තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්‍තා කරයි.

කොට්ටාව නගරයේ බස් නැවතුම්පළ ඉදිකිරීමේ ප්‍රගතිය ගැන කොඩිකාර මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගෙන් සීමේදී ඊට පිළිතුරු දුන් නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ බී කේ ජී සෝමසිරි මහතා පැවැසුයේ කොට්ටාව නගරයේ බස් නැවතුම ඉදිකිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරි පනතේ 38 ඒ වගන්තිය ප්‍රකාර පළමුව ඉඩම් මැනීම සිදු කැර පිඹූරුපත් සකසන බවයි. එයට අනතුරුව තක්සේරු වාර්තා සකසා වන්දි ගෙවන්නේ ඔහු කීවේය. කොඩිකාර මහතා මෙම ප්‍රකාශය කෙළේ ඉන් අනතුරුවය.

නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන වැඩ පළාතේ දේශපාලනඥයින්ටත් දැනුම් දිය යුතුයි ඔබලා රජයේ වැටුප් ලබන පිරිසක් අපට අවශ්‍ය විදියට හැර ඔබට අවශ්‍ය විදියට මේ සංවර්ධන කටයුතු සිදු වන්නේ නෑ. අතැන වළක් හාරනවා මෙතැන වලක් හාරනවා නාගරික සංවර්ධන අධිකාරිය මොනවද මේ කරන වැඩ?. ඇමැතිවරයා එසේ ද ප්‍රශ්න කෙළේය.

ගොනා හෝ මෝඩයා හෝ කවුරුන්ද යනුවෙන් වටහා ගැනීමේ අපහසුවක් අපේ පාඨකයින්ට නැතිවාට සැකයක් නැත.
එහෙත්  ගොනෙකුට අවශ්‍ය පරිදි වැඩ කරන්නට සිදුවේනම් තමන්ගේ උගත් කමින් බල්ලාටවත් වැඩක් වන්නේ නැති බව රජයේ  උගත් නිළධාරීන්ට නොහැ‍ඟෙන්නේ මන්දැයි ඇත්තේ ගැටලුවකි

No comments:

Post a Comment