Thursday 8 August 2013

මහරගම නගර සභාවේ නගරාධිපති තුමිය අල්ලස් හා දූෂණ කොමිසමට

kanthi
මහරගම මහ නගර සභාව විසින් පුද්ගලයින්ගෙන් අය කර ගනු ලැබූ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් ගසා කා ඇති බවට තොරතුරු වාර්තාවේ.
මහරගම නගර සභාවේ නගරාධිපති තුමියගේ අත්සනින් යුතුව නිකුත් කරන නිවේදනයකට අනුව වරිපනම් වශයෙන් නගරයේ නිවාස, වෙළද සැල්, ගෙවතු හා කුඹුරු මගින් එකතු කරගත් වරිපනම් මුදල් ලක්ෂ 10කට අධික මුදලක් කිසිදු බිල්පතක් හෝ නිකුත් නොකොට ගසා කා ඇති බවට සන්ධාන මන්ත්‍රීවරයෙකු අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කොට ඇත.

අදාල මන්ත්‍රීවරයා විසින් පැමිණිලි කොට ඇති පරිදි කාලාන්තරයක් මුල්ලේ නගරධිපති තුමිය විසින් මෙවැනි බදු එකතු කිරීම් සිදුකරන අතර එවාට අවශ්‍ය කිසිදු ලියකියවිල්ලක් මූල්‍ය විගණනයන්ට යටත් කොට නොමැති බව දැක්වේ.

මහ නගර සභාවේ නගරාධිපති තුමියට හිතවත් පිරිස් මගින් සිදුවන වංචාවන් බොහෝමයක් විගණනයේදි යට ගැසීම සදහා විගණන අංශයේ පිරිසක්ද ඇය විසින් නඩත්තු කරනු ලබන බව අදාල මන්ත්‍රීවරයා විසින් හෙළිදරව් කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මාධ්‍ය විසින් නගරාධිපති තුමිය විමසූ විට ඇය විදෙස් ගත වී ඇති බව දන්වා ඇත. කෙසේ නමුත් මෙම සිදුවීම හා තවත් මෙවැනි මූල්‍ය වංචාවන් ගණනාවක් කාන්ති කොඩිකාර විසින් සිදුකොට ඇති බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.

No comments:

Post a Comment