Thursday 8 August 2013

ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහගේ සොයුරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේවන විට 57%ක පාඩුවක් ලබන බවත් ඒ හේතුවෙන් යුරෝපා සංචාර අවලංගු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහගේ සොයුරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ දන්වා සිටී. ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (07) පැවැති රැස්විමකට සහභාගී වෙමිනි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු සදහන් කර සිටියේ මෙයට හේතුව ඉන්ධන ගාස්තුවේ වැඩිවිම බවයි.කෙසේ නමුත් පසුගිය කාලයේ වාර්තා වූ අන්දමට ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාඩු ලැබීමට මූලික හේතුව වී ඇත්තේ එහි අකාර්යක්ෂම පරිපාලනය හා මූල්‍ය වංචාවන් බවයි.

වසර ගණනාවක සිට පවතින මෙම මූල්‍ය අර්බුදය පියවා ගැනීමට කිසිදු ක්‍රීයාමාර්ගයක් ගැනීමට සභපාති වරයා හෝ ආණ්ඩුව කටයුතු නොකළ අතර ඒ වෙනුවට මිහින් ලංකා ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි බොහෝ දේ භාවිතා කරන ලදී. කෙසේ නමුත් රටෙහි ජාතික ගුවන් සේවාව යුරෝපා ගමන් අත්හිටුවිම විසින් විදේශීය සංචාරකයන්ගේ ලංකාව සම්බන්ධයෙන් වන චිත්‍රය අපැහැදිලි එකක් වන බව ද නිශාන්ත වික්‍රමසිංහ විසින් මෙම රැස්වීමේදී පිළිගත්තේය. කෙසේ නමුත් මෙහිදී මතුවන ගැටලුවන් වන්නේ කුමන රටක ගුවන් සේවාවන් ආරම්භ කළ ද එකී ගුවන් යානා සදහා ඉන්ධන අවශ්‍ය සාධකයක්ව පවතිද්දී ඊට සාපේක්ෂව ගුවන් ගමන් ගාස්තු වැඩි නොකිරීමයි.

එම වැඩිවීම මේ වන විටත් කර ඇත්නම් එම වැඩිකළ මුදල ඉන්ධන සදහා යොදා නොගන්නේ කුමන කරුණක් නිසා ද යන්නයි. කෝප් කමිටු වාර්තාවෙහි ද පාඩු ලබන ආයතන අතර පවතින තවක් එක් ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව පවතී නම් මේ සදහා මූලිකව වග කිව යුත්තේ එහි ඉහල පරිපාලනය වීම අනිවාර්යය.

No comments:

Post a Comment