Monday, 5 August 2013

දකුණේ පාතාල පාතාල නායක කොස්ගොඩ සුජි අත්අඩංගුවට




































එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් අවි මිලදී ගෙන දකුණේ පාතාල කල්ලියක් වසර ගණනක් තිස්සේ සිදුකර ඇති ඝාතන දහතුනක සහ ගිනිඅවි පෙන්වා සිදුකර ඇති කොල්ලකෑම් 11කට සම්බන්ධ පාතාල සාමාජිකයන් 10 දෙනකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විදේශගතව සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට පැමිණි දකුණේ පාතාල නායකයකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු හෙළි වී ඇති බව පොලිසිය කියයි.

ඝාතන සඳහා යොදාගත් පිස්තෝල සහ රිවෝල්වර අටක්ද එම විමර්ශන අංශය විසින් සොයාගෙන ඇත.
පසුගිය වසර කිහිපයක් කොස්ගොඩ, අම්බලන්ගොඩ, උෟරගහ, හික්කඩුව, පිටිගල, අහුන්ගල්ල යන ප්‍රදේශවල සිදුවී ඇති ඝාතන සිද්ධි දැනට හෙළිදරව් වී ඇති අපරාධ රැල්ලට අයත් බව පොලිසිය පැවැසීය.

එම සිද්ධි අතර වෙඩි තබා බරපතළ තුවාල සිදුකරන ලද සිද්ධීන් දෙකක්ද වේ.
දකුණු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මුදල් කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳවද දැනට අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයා විසින් හෙළිදරව් කොට ඇති බව පොලිසිය පැවැසීය.

මේ පාතාල කල්ලිය මඟින් දකුණේ වළදමා තිබූ හිස් පතරොම් කොපු තොගයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒවා දැනට සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති ගිනිඅවි සමඟ සැසඳීමට ර

No comments:

Post a Comment