Monday 5 August 2013

අපි තරග තුනම දිනලා එකට එක කරනවා - ඩු ප්ලෙසි


එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව තම කණ්ඩායමට හුස්මගැනීමටවත් ඉඩ ලබා නොදුන්නද විස්සයි-20 -තරගාවලියේදී තම කණ්ඩායම ශ්‍රී ලංකාවට හුස්ම ගැනීමට ඉඩ ලබා නොදෙමින් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සූදානම්ව ඇති බව දකුණු අප්‍රිකානු විස්සයි-20 නායක ඩු ප්ලෙසි හම්බන්තොට සූරියවැවදී පසුගිය 4දා දෙවැනි විස්සයි-20 තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

"ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 4-1ක් ලෙස ජයගත්තත් අපි මේ වනවිට විස්සයි-20 තරගාවලිය ජයගෙන තියෙනවා. ඒත් විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස ජයගන්න අපිටත් අවශ්‍යයි එක්දින තරගාවලියේදී අපිට රිදෙන්න පහර දුන්න ඩිල්ෂාන් මේ තරගයට ක්‍රීඩා නොකිරීම ගැන අපිට පුදුමයි. ඒත් ඔහු ක්‍රීඩා කළා නම් අපිට ටිකක් අමාරු වෙන්න තිබුණා" යැයිද ප්ලෙසි කීය.

"අපි මුල ඉඳලම තීරණය කරලයි තිබුණේ මුලින්ම පන්දුවට පහර දෙන්න. වාසනාවට අපිට කාසියේ වාසිය ලැබුණා. අපේ පිතිකරුවෝ හා පන්දුයවන්නෝ ඔවුන්ගේ යුතුකම අකුරටම ඉටුකළා. අපිට අංක 1 සිට අංක 9 දක්වා හොඳ පිතිකරණ බලඇණියක් ඉන්නවා. ඒක නිසා අපිට ලොකු හයියක්" යනුවෙන් පැවැසූ ප්ලෙසි තමා ලබාගත් සියලු තීන්දු තීරණ සාර්ථක වූ බවද ප්‍රකාශ කළේය.

මේ අතර සිය පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි-20 නායක දිනේෂ් චන්දිමාල් පවසා තිබුණේ තම කණ්ඩායමට කිසිදාක තරග දෙකක් පරාජය වීමට සිදුවේවියැයි අපේක්‍ෂා නොකළ බවයි. "අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වේ නැහැයි කියලා චෝදනා කරන්න බැහැ. ඔවුන් හොඳින් පන්දු යැව්වා. හොඳින් පන්දු රැක්කා. ඒත් අපේ පිතිකරුවන් දුර්වල වුණා. එතැනයි වරද සිද්ධ වුණේ. ඒකට සමාවක් දිය නොහැකියි" අපි දැන් තරග දෙකක් පරාජය වෙලා ඉන්නේ. අපි අනිවාර්යයෙන්ම තුත්වැනි තරගය ජයගත යුතුයි යනුවෙන් පැවසූ චන්දිමාල් පන්දු යැවීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"අජන්ත එක්දින තරගාවලියේදී හොඳින් පන්දු යැව්වා. අප්‍රිකානුවන් එක්දින තරගාවලියේදී දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දුන්නේ නැහැ. මේ නිසා මම ඔහුට වැඩි අවස්ථාවක් ලබා දුන්නා. අනිත් එක අජන්ත පන්දුවාර හතරෙදී ලබා දුන්නේ ලකුණු 39 ක් වැනි ලකුණු සංඛ්‍යාවක්. තිසර කියන්නෙත් හොඳ පන්දු යවන්නෙක් ඒත් මට නායකයකු විදියට ඒ වෙලාවේදී තිසරව පන්දු යැවීම සඳහා යොදවාගන්න අවශ්‍ය වුණේ නැහැ" යනුවෙන්ද පැවැසීය.

තරුණ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ චන්දිමාල් "පසුගිය කාලයේදී තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණා. සමහර අය දක්‍ෂතා අතරට ආවා. ඒත් ඇතැම් තරුණ ක්‍රීඩකයන් එය හොඳින් ග්‍රහණය කරගත්තේ නැහැ. ඔවුන් දැනගන්න ඕන කොහොමද මේ තත්ත්වය ආරක්‍ෂා කරගෙන පවත්වාගෙන යන්නේ කියලා. මට නම් හිතෙන්නේ ඔවුන් එයින් ප්‍රයෝජනය ගත්තේ අඩුවෙන් කියලයි.

No comments:

Post a Comment