Tuesday 6 August 2013

පියාගේ ඉඩම් රැක දෙන්නැයි කදිරගාමර්ගේ පුතාගෙන් පෙත්සමක්

තම පියාට පරම්පරාවෙන් ලැබුණු ඉඩම් රජය විසින් අත්පත්කර ගැනීම වළක්වන ‘මැන්ඩාමුස්’ නියෝගයක් ඉල්ලා හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පුත් එස්.ජේ.සී කදිරගාමර් මහතා විසින් ‍ගොනුකළ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට ලබන 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙස අද(05) නියෝග කළේය. අභියාචනාධිකරණ විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා හා මාලනී ගුණරත්න යන විනිසුරුවන් විසින් මෙම නියෝගය අද ලබාදුණි. 


මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරි ඒ.සිවසාමි හා එම දිස්ත්‍රිකයේ ඉඩම් මැනීමේ නිලධාරිවරයා යන පිරිසය. 

යාපනය දිස්ත්‍රික්කයේ ඇති මිත්තණියගෙන් තම පියාට ලැබුණු පියාගෙන් තමාට ලැබුණු ඉඩම් රජය විසින් මහජන කටයුතු සඳහා යැයි පවසමින් පවරා ගැනීමට යන බව පෙත්සමෙන් දක්වා ඇත. එම ඉඩම් පවරා‍ගතහොත් තමාට අගතියක් වන බැවින් එය වළක්වාලන මැන්ඩාමුස් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.

No comments:

Post a Comment