Tuesday 6 August 2013

ගාල්ලේ වැසූ පාසල් 75ක් මත්කුඩු ජාවාරම් කාරයින් කසිප්පු කාරයින් ගැවසෙන තැන් - ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර

ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 10කට අයත් පාසල් 75ක් වසා දමා ඇති පාසල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා වෙත පැවරී ඇති බවට තොරතුරු වාර්තාවේ.  පසුගියදා ගාල්ලේ පැවැති මහජන සම්බන්ධීකරණ කමිටුවේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මුතුහෙට්ටිගම පවසා ඇත්තේ මේ පාසල් යලි ගොඩනැගීමට සදහා විශාල පිරිවැයක් වැය වන බවත් ඒවා නැවත ආරම්භ කරන්නේ නම් දෙමාපියන් ද මේ සම්බන්ධයෙන් සංවේදී විය යුතුයි. නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් නෑ අපිට ඒක කරන්නත් බෑ ඒ නිසා මේ ගොඩනැගීලි සම්පත් වෙනත් කාර්යයන් සදහා යෙදවිය යුතුයි. එවිට මේ නාස්තිවෙන ගොඩනැගිලි ටිකවත් ආරක්ෂා කර ගන්න පුළුවන් බවයි.

කෙසේ නමුත් මෙම පාසල් 75 හුදු ගොඩනැගිලි පමණක් නොවන බවත් ඒවා ලෝකයට විද්වතුන් බිහිකළ ස්ථාන බවත් පෙන්වා දෙන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා. මේවා වැසියාමට වගකිව යුත්තේ ආණ්ඩුවයි. පාසල් වැසී යන්නේ නිකම්ම නොවෙයි ඒ වාට අවශ්‍ය සම්පත් ආණ්ඩුවක් විසින් දිය යුතුයි. එසේ නොමැති පාසලවලට දෙමාපියන් කවදාවත් දරුවන් ඇතුලත් කරන්නේ නැහැ. කෙසේ නමුත් මේ සිදුවෙමින් පවතින දේ වඩා භයානකයි. අනාගතයේදී මේ පාසල් තිබූ ගොඩනැගිලි ප්‍රෙද්ශයේ මත්කුඩු ජාවාරම් කාරයින් කසිප්පු කාරයින් ගැවසෙන තැන් වෙන්න පුළුවන් යැයි පැවසීය. කෙසේ නමුත් මේ වන විටත් අදාළ පාසල් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් කර ගෙන නොමැති අතර මුතුහෙට්ටිගම විසින් මේ දිනවල එම කටයුත්තෙහි නිරත වී සිටින බවට තොරතුරැ වාර්තා වේ.

No comments:

Post a Comment