Wednesday 7 August 2013

මේක වෘත්තීයක් නෙමෙයි


යලට මහට වැඩ කරන්නේ නෑ
ගංගු මේ දිනවල වෙනස්ම ආදරයක් සොයාගෙන ගිහින්. ඇයට ආදරය නොකරන පිටස්තර තරුණයකුට තමයි ඇය මෙලෙස ආදරය කරන්නේ. සතියේ දින පහේම ජාතික රූපවාහිනියේ අමුතු මින්ස්සු හරහා ඇගේ ආදරය අපිට දකින්න ලැබෙනවා. ගංගුගේ මේ ආදරය මොකක්ද කියලා දැනගන්න අපි හිතුවා.
ඉතිං කොහොමද?
හොඳයි. හිටිය විදියටම ඉන්නවා.
හිටිය විදියට ඉන්නවා කියන්නේ?
මම ඉස්සර හිටියේ කොහොමද? තාමත් එහෙම තමයි. කියන්න තරම් විශේෂයක් නැහැ.
සිහින ලෝකවල ජිවත් වෙනවා කියලයි ආරංචිය?
අම්මෝ කවදාවත් කරන්න බලාපොරොත්තුවක් නැති වැඩක්.
එහෙම ලෝකවල ජිවත්වෙලා නැතිද?
බොහොම සාමාන්‍ය විදිහට තමයි ඉන්නේ. අනික මම ඒ වචනයේ අර්ථයත් කැමැති නැහැ.
gangu roshana at dance stars dance 1ඇයි මේ නොලැබෙන ආදරයක් පස්සේ යන්නේ?
ඒ මම නෙමෙයි. අමුතු මිනිස්සු නිර්මාණයේ කැති. එයා තමයි නොලැබෙන ආදරයක් පස්සේ යන්නේ.
ඔබත් එහෙමනේ?
මම කියටවත් නොලැබෙන ආදරයක් පස්සේ යන්නේ නැහැ.
ආදරයක් ලැබුණොත්?
හැමෝටම වගේ මටත් ආදරයක් ලැබුණොත් ආදරය කරාවි.
දැනට එහෙම ආදරයක් තියෙනවා වගෙයි?
අපොයි ඔයාට කියන්න තරම් විශේෂ ආදරයක් මා ළඟ නැහැ.
හොඳ නිර්මාණ ලැබෙන්නේ අඩුවෙන්ද?
එහෙම එකක් නැහැ. හොඳ නිර්මාණ බිහි වෙන්නේ අඩුවෙන්. ඒක හරිම අවාසනාවක්. අනික මිනිස්සුන්ගේ රසයත් අඩුවෙලා.
ගංගුට ලැබෙන්නේ හොඳ නිර්මාණද?
මම කරපු හැම එකක්ම හොඳ නිර්මාණ. අනික මම ටිකක් වෙනස් විදිහට හිතන්නේ.
ඒ මොකද?
මගේ හැටි එහෙම තමයි අනික රංගනය මගේ වෘත්තිය නෙමෙයි. මේක දැන් වෘත්තීයක් විදියට කරන්න බැරිවෙලයි තියෙන්නේ.
එහෙම කියන්නේ මොකද?gangu-151
කර්මාන්තයක් විදිහට ඉදිරියට යෑමක් නැහැ.
ක්‍ෂේත‍්‍රයට ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු දහයක් විතර
මොකද හිතෙන්නේ ?
මම නිරූපණයට ආසා කලේ. වෘත්තීය නිරූපිකාවක් වෙන්නයි මට වුවමනා වුණේ. ඊට පස්සේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා.
ලැබුණ අවස්ථාවෙන් වැඩක් ගත්තාද?
පැහැදිලිවම. මම රංගනයෙන් ජිවිතයට ගොඩක් දේවල් එකතු කර ගත්තා.
ජනප‍්‍රිය තලයේ සම්මාන කිසිවක් ලැබිලා නැහැනේද?
ජනප‍්‍රිය සම්මාන මට අවශ්‍ය නැහැ.
එහෙමනම් ඔබට අවශ්‍ය ?
මම බලාපොරොත්තු වෙන්නේ හොඳම නිළිය සම්මානය ලබා ගන්න.
රංගනයෙන් ඔබ සොයන්නේ ?
මම රංගනය තුල සොයන්නේ වෙනස්ම දෙයක්.
සොයපු දේ හම්බ වුණාද?
තවම නෑ. තව ගොඩක් කාලයක් යයි. ඒ සිහිනය සෑබෑ වෙනකොට වයසට යන්න බැරිකමකුත් නැහැ. සමහර සිට සෑබෑ වෙන එකකුත් නැහැ.
එතකොට ජිවිතය පැරදුණා නේද?
රඟපෑම මගේ ලොකුම සිහිනය නෙමෙයි. එහෙම වුණා නම් තමයි කඩා වැටෙන්නේ.
කලකිරිලා වගෙයි කතා කරන්නේ?
එහෙම දෙයක් නැහැ. හොඳ නිර්මාණ බිහිනොවිම පිළිබඳ ප‍්‍රශ්ණයක් තියෙනවා. එතකොට අපිට වෙන්නේ අසාධාරණයක්.
imagesඒක ද යලට මහට වැඩ කරන්නේ?
මම එහෙම වැඩකරන්නේ නැහැ. හරියට තෝරලා බේරලා තමයි වැඩකරන්නේ.
රංගනය ඔබේ වෘත්තීය ද?
මේක වෘත්තීයක් කරගන්න පුළුවන් ක්‍ෂේත‍්‍රයක් නෙමෙයි. කර්මාන්තයක් විදියට දියණු වුණා නම් මටත් දිර්ඝ කාලීනව සම්බන්ධ වෙන්න තිබුණා.
මේ ක්‍ෂේත‍්‍රයේ මිතුරෝ නැතිද?
මේ ක්‍ෂේත‍්‍රයේ මිතුරො නැහැ. අපිට ඕනෑ නම් මිතුරෝ හදාගන්න පුළුවන්. හැබැයි කොච්චර කාලයකට ද කියලා කියන්න අමාරුයි.
සාකච්ඡා කලේ දිනේෂ් විතාන
උපුටා ගැනීම – දිවයින මීවීත අතිරේකය

No comments:

Post a Comment