Wednesday 7 August 2013

දොළොස් හැවිරිදි පාසල් සිසුවා සමග අසම්මත ඇසුරක් පැවැත්වූ විදුහල්පති

ගුරු වෘත්තිය උත්තරීතර සේවාවන්ගෙන් එකකි. විවාදයකින් තොරව කොයි කවුරුත් එය පිළිගන්නා  කරුණකි.  ගුරුවරුන්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇත්තේද,  දෙවියන්ට මෙන් සැලකුම් ලැබෙන්නේද එබැවිනි.
එහෙත් ගුරු වෘත්තියට පිවිස ඇති එක්තරා අධමයන් පිරිසකගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් දැන් ක්‍රමයෙන් ඒ උත්තරීතර  වෘත්තියට
ඇති සමාජ පිළිගැනීම ගිලිහී යමින් ඇති බව පෙනේ. ගුරු වෘත්තියේ නිරත එවැනි පුද්ගලයකු විසින් ගුරු වෘත්තියට නිගා දෙමින් කර ඇත්තාවූ බවට අනාවරණය වන අලුත්ම අමන ක්‍රියාව වාර්තා වන්නේ වලස්මුල්ලෙනි. ඔහු ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයෙකි. පනස් හැවිරිදි මේ පුද්ගලයා විසින් කර ඇසම්මතඇතැයි පැවසෙන අමන ක්‍රියාව වන්නේ දොළොස් හැවිරිදි සිසුවෙකු වසර තුනක් පුරා රහසේ අපයෝජනයට ලක්කිරීමකි.
සමාජ සම්මතයට පිටින් යමින් ජුගුප්සාජනක ආකාරයෙන් මේ විදුහල්පතිවරයා ඉහත කී සිසුවා සමග සමලිංගික සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. ඔහු විසින් දොළොස් හැවිරිදි සිසුවාට කළාවූ ඒ  කටයුත්ත පිළිබදව ප්‍රදේශයේ ‍පොලිස් ස්ථානයට අවස්ථා කිහිපයකදීම තොරතුරු වාර්තා වී ඇතත් ඒ ගැන නිසි විමර්ශනයක් එකී ‍පොලිස් ස්ථානයෙන් සිදුවී දැයි ඇත්තේ ගැටලුවකි. පසුව එකී විදුහල්පතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසිනි.
‍පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට ඉවහල්වන තොරතුර ලැබෙන්නේ තංගල්ල කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාටය. ඒ නිර්නාමික පෙත්සමක් මගිනි. එකී පෙත්සම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ‍පොලිස් පරීක්ෂිකා ශ්‍රියා ලියනගම මහත්මිය ඇතුළු කණ්ඩායමට පැවැරීමත් සමග කෙරුණු මූලික  විමර්ශනයෙන්ම විදුහල්පතිවරයා විසින් වසර තුනක් තිස්සේ එකී සිසුවා අපයෝජනයට ලක්කර ඇති බව පැහැදිලිවම පෙනී ගියත් ඒ ගැන ඔවුන් ගැඹුරින් සොයා බලන්නට උත්සුක වන්නේ සාක්ෂි සහිතව කිසිදු බලපෑමකට යටත් නොවී ඒ විදුහල්පතිවරයා කොටු කරගන්නට අවශ්‍ය වූ බැවිනි.
විදුහල්පතිවරයාගේ ගොදුර බවට පත්වූ ඒ සිසුවා ඔහුගේ පාස‍ලේ සිසුවෙකු නොවීය. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ වෙනත් පාසලකය . එය එසේ වූවත් සිසුවා පදිංචිව සිටියේ ඔහුගේ නිවසට යාබද නිවසකය. සිසුවා ගොදුරු කරගන්නට ඔහුට මග පෑදෙන්නේ ඒ නිසාය.
අනාවරණය වන ආකාරයට අනුව සිසුවාගේ දෙමාපියන් ගමේ වත්‍පොහොසත්කම් ඇති අය නොවේ. දුකසේ එදා වේල සරිකරගත් අහිංසක ගැමි පවුලකි. ඒ නිසාම සිසුවා විදුහල්පතිවරයාගේ නිවසේ කාලය ගතකරන්නට පුරුදුව සිටියේය. ඒ  ගෙදර දොරේ වැඩ පලක් කර කුසට ආහාරයක් හෝ අතට යම් මුදලක් අපේක්ෂාවෙනි.
මේ සිසුවා බිලිගන්නට විදුහල්පතිවරයාට අවකාශ උදාවන්නේද ඒ නිසාමය.
ඒ 2010 වසරේ දෙසැම්බරයයි. එවර පැවැත්වූ අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී මිද්දෙනිය ප්‍රදේශයේ පාසලක විභාග මධ්‍යස්ථානයක ශාලාධිපති ධුරය දැරුවේ මෙම විදුහල්පතිවරයාය.  විභාගය පැවැත්වෙන කාලය තුළ  කාර්යාල  කාර්ය සහයකයන්ගේ සේවය ලබාගැනීමේ බලය පැවැරී තිබෙන්නේ ශාලාධිපතිවරයාට බැවින් ඔහු ඒ සඳහා යොදාගනු ලැබුවේ අසල්වාසී නිවසේ ජීවත් වූ මෙකී සිසුවාය. ඒ යම් මුදලක් ඔහුට ඒ වෙනුවෙන් ලැබෙන බැවිනි.
‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව සිසුවා විදුහල්පතිවරයාගෙන් පළමුවරට අපයෝජනයට ලක්වන්නේ එහිදීය. ඒ එකී විදුහ‍ලේ ගබඩා කාමරයකදීය.
ඒ වන විට සිසුවාගේ වයස අවුරුදු දොළහකි. ඒ අපරාධයට  මේ විදුහල්පතිවරයා විසින් සිසුවාව ගොදුරුකරගනු ලබන්නේ ඔහුටද ඒ වයසේම පුතෙකුද සිටියදීය. බලහත්කාරයෙන්් කළාවූ ඒ ක්‍රියාව ගැන කිසිවෙකුට නොකියන්නට ඔහු සිසුවාගේ කට වසන්නේ මුදල් ‍පොදියක් අත තබාය. ඊට වහ වැටුණු සිසුවාද එතැන් සිට වසර තුනක්ම විදුහල්පතිවරයාගේ ආසාවන් ඉටු කරන්නේ ඔහුගේ නිවසේදීමය. ඒ බිරිඳ ඇතුළු දරුවන් නිවසේ නොමැති
අවස්්ථාවන් වලදීය.
 තුන් අවුරුද්දක්  පුරා සිය අසම්මත ආශාවන් එසේ සිසුවා මගින් සංසිඳුවාගන්නා මේ විදුහල්පතිවරයා හැම විටම සිසුවාගේ කට වසා දමන්නේ එකී කටයුත්තෙන් පසු මිට මොළවන  මුදල්වල බලයෙනි.
කොයි කාටත් එතෙක් රහසක්ව පැවැති විදුහල්පතිවරයාගේත් සිසුවාගේත් එකී අසම්මත ලිංගික කටයුත්ත ගැස්සී යන්නේ විදුහල්පතිවරයාගේ නිවසේ සිදුවූ ගම්මිරිස් සොරකමක් සමගිනි. කිලෝ දෙකක් පමණ වූ එම ගම්මිරිස් සොරකමට නම ගෑවෙන්නේ සිසුවාගේය.
“හිටපන් මම උඹව ‍පොලීසියට අල්ලල දෙන්නම් කරපු වැඩේට” ගම්මිරිස් සොරකමට සිසුවාව එක එල්‍ලේ සැකකරමින්  විදුහල්පතිවරයා ගෝරනාඩු කරන්නට වූයේ එසේය. නමුත් සිසුවා විදුහල්පතිවරයාගේ ගෝරනාඩුවෙන් පසු බැස්සේ නැත.
“මටත් ඕනෙ ‍පොලීසියට යන්න තමයි. පුළුවන්නම් යමුකො ‍පොලීසි. මටත් කියන්න දේවල් ගොඩක් තියෙනවා.” ඊට ඔහු ප්‍රතිචාර දක්වන්නට වූයේ විදුහල්පතිවරයාගේ කට වසමිනි.
එතැන් සිට සිසුවා විදුහල්පතිවරයාගෙන් ගැළවුණ අතර මග තොටේ හමුවන හැම තැනකදීම “අරක කාටවත් කියන්න එපා” යැයි සිසුවාට පවසන්නටත්, ඔහුගෙන් ආයාචනා කරන්නටත් වූයේ සිසුවාගේ තර්ජනයට ඔහු හොඳ හැටි බිය වී සිටි නිසාය. ඒ තමා කළ ක්‍රියාවේ බරපතළකම පවා ඔහුට තේරෙන්නට ගැනෙන්නේ එම තර්ජනයත් සමග වූ බැවිනි.
එය එසේ වූවත් ඒ වන  විට ඔහු ප්‍රමාදය. ඔහුට එය වැටහෙන්නට තිබුණේ ඒ දේ කරන්නට පෙරය. ගමේ ‍පොලීසිය සමග ඔහු ප්‍රශ්නය ගොඩින් විසඳා ගත්තද කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශය සමග ඒ සෙල්ලම් දැමීමට ඔහුට ශක්තියක් නොවීය. ඒ නිසාම ඔහු ළමා අපචාරයකට හසුවූයේ උත්තරීතර ගුරු වෘත්තිය කෙළෙසූ තවත්  ළමා අපචාරකයෙකු බවට පත්ව මහත් කැළලක් ඇති කරගනිමිනි.
‍පොලිස් ළමා හා කාන්තා කාර්යංසයේ අධ්‍යක්ෂ
‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ජයන්ත වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ එක් සිදුවීමක් පමණක් බවය. එයද අනාවරණය වන්නේ වසර තුනකට පසුවය. මේ ආකාරයට අපචාරයට ලක්වන සිසුන් කොතෙකුත් සිටින්නට හැකි බව ඔහුගේ අදහසය.  එයින් අනාවරණය වන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ලැජ්ජාව, බිය ආදී කරුණු හේතුවෙන් ඒ බොහෝ සිදුවීම් වාර්තා නොවන බව සඳහන්ය.
‍පොලිස්  ළමා හා කාන්තා කාර්යංශයේ මෙන්ම ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන තොරතුරුවලට අනුව පෙනී යන්නේ ද මේ වන විට පාසල් ආශ්‍රිතව ලිංගික අපචාර ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් දක්නට ඇති බවකි. ඒ අතර ගුරුවරුන් අතින් ළමුන් අපචාරයට ලක්වීම් ඉහළ අගයක් ගන්නා බව සඳහන්ය.   ගල්කිරියාගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හයක් හතරක් නොදන්නා සිසුවියන් 12 දෙනෙකු අපචාරයට ලක්කිරීමක්ද, ගාල්ලේ පාසලක ද ගුරුවරයෙක් තුන්වැනි ශ්‍රේණියේ  සිසුවියන් 15 දෙනෙකු අපචාරයට ලක්කිරීමක්ද අනාවරණය වන්නේ මෙම වසරේදීය.
මේ  අප රටේ වඩාත් කතාබහටත් අවධානයටත් ලක්වූ, පාදඩ ගුරුවරුන් විසින් කරන ලද ළමා අපචාර කිහිපයක් පමණි. නමුත් මේ වසරේ ගතවූ හය මාසය තුළ පමණක් මෙවන් ගුරුවරුන් දහ පහළොස් දෙනෙක්ම ‍පොලීසියට කොටුවී ඇත්තේය. ඒ අතර විදුහල්පතිවරුන්ද රැසකි.

No comments:

Post a Comment