Wednesday 7 August 2013

හේලීස් සමූහ ව්‍යාපාරය ධම්මික පෙරේරා ගේ

වැලිවේරිය, රතුපස්වල ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ධම්මික පෙරේරා ගේ උප සභාපතිත්වයෙන් යුතුව ක‍්‍රියාත්මක වන වෙනිග්‍රෝස් කර්මාන්තශාලාවේ (Dipped Products PLC - Venigros (Pvt) Ltd) හානිකර ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් ඒ අවට ගම්මාන 12 ක ජනතාව පානීය ජල අර්බුදයටත් සෞඛ්‍ය තර්ජනවලටත්, වගා බිම් විනාශ වීමේ තර්ජනයකටත් ජීවිත අවධානමටත් දරුණු ලෙස ගොදුරු වී සිටිති. රබර් අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන මේ මගින් දෛනිකව අත්වැසුම් 185,000 ක් පමණ නිෂ්පාදනය කරයි. ඒ සඳහා කර්මාන්තශාලාවේ නීති විරෝධී ලෙස යන්ත‍්‍රාගාර 5 ක් ක‍්‍රියාත්මක වන අතර දිනකට අපජලය ලීටර 60,000 ක් පමණ පරිසරයට මුදාහැරීම සිදු කරයි.

1994 වසරේ දී ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මේ කර්මාන්තශාලාව පවත්වා ගෙන යෑම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කර තිබේ. මෙය 2012 වසර දක්වා වාර්ෂිකව යාවත්කාලීන කර තිබේ. නමුත් 2012 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර ආරක්ෂණ බලපත‍්‍රය යාවත්කාලීන කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඊට හේතුව ලබාදුන් බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් කර්මාන්තශාලාව පවත්වාගෙන යාම හේතුවෙනි.

ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘතියක් ලෙස මෙය ස්ථාපිත කර ඇත්තේ එක් යන්ත‍්‍රාගාරයක් මගින් සිදු කරන නිෂ්පාදන ක‍්‍රියාවලියක් සඳහා පමණි. එමගින් ජනනය වන ජලීය අපද්‍රව්‍ය නිසි පරිදි පිරිපහදු කර බැහැර කිරීමට එකඟව මේ කර්මාන්තශාලාව ආරම්භ කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් ද පරිසර ආරක්ෂණ බලපත‍්‍රය පළමු අදියරේ දී නිකුත් කර ඇත්තේ එම නිර්ණායකයන්ට එකඟවය.

නමුත් වර්තමානය වන විට යන්ත‍්‍රාගාර 5 ක් ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාව හතර ගුණයකින් වැඩි කර තිබේ. නමුත් අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ පද්ධතිය පැරණි එක් යන්ත‍්‍රාගාරයක් පමණක් ක‍්‍රියාත්මක වන අවස්ථාවේ දී තිබූ මට්ටමේම පවතී. එය යාවත්කාලීන කර නොමැත. තවද මේ මගින් සිදු කර ඇත්තේ ආයෝජන මණ්ඩලය හා තිබූ මූලික එකඟතාවය හා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රියාවලියේ දී තිබූ එකඟතාවයන් උල්ලංඝනය කර කර්මාන්තශාලාව හිතුමනාපයට පුළුල් කිරීම ය.

2013-08-06 3
ඒ අනුව පරිසර ආරක්ෂණ බලපත‍්‍රයකින් තොරව හා ලබාදුන් බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මේ දක්වා මේ කර්මාන්තශාලාව නීති විරෝධී ලෙස පවත්වා ගෙන යාම සිදු කර තිබේ. මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය ජනනය කරන ව්‍යාපෘතියක් මෙලෙස පරිසර ආරක්ෂණ බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන යාමට එරෙහිව අදාළ කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වනතුරුත් ගෙන නොමැත.

පළමුව ලබාදුන් පරිසර ආරක්ෂණ බලපත‍්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීමේ අවසාන ප‍්‍රතිඵලය වූයේ වැලිවේරිය ප‍්‍රදේශයේ ගම්මාන 12 ක දහස් ගණනක ජනතාවකට පානීය ජලයත්, නිදහස් දිවි පැවැත්මත්, සෞඛ්‍යය හා කෘෂිකර්මාන්තයත් අහිමි වීම ය. මෙය මධ්‍යම පරිසර අධිකාරිය හා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැන දැනම සිදු කළ අපරාධයකි.

කර්මාන්තශාලාවේ භූමි වපසරිය හා ජලය ලබාගැනීමේ ශක්‍යතාවය මත මේ කර්මාන්තශාලාව අද තිබෙන මට්ටමට පුළුල් කිරීමක් සිදු කළ නොහැකිය. නමුත් ඒ අයුරින් නීති විරෝධී ලෙස මේ කර්මාන්තශාලාව පුළුල් කිරීම හා නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට එරෙහිව ආයෝජන මණ්ඩලය හෝ මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීමෙන් සිදු වූයේ මහා ව්‍යසනකාරී කර්මාන්තශාලාවක් තත්ත්වයට මෙය පත්වීම ය. තවද යන්ත‍්‍රාගාර 5 ක් මගින් සිදු කරන නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී ජනනය වන අධික අපජල ප‍්‍රමාණය නිසි පරිදි පිරිපහදු කිරීමට හා පිරිපහදු කරන ලද ජලය විසරණය කිරීමට ප‍්‍රමාණවත් භූමි ප‍්‍රමාණයක් මේ කර්මාන්තශාලාවට නොමැති තත්ත්වයක් තුළ මේ ආකාරයෙන් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ඇස් කන් නැත්තවුන් සේ කෙසේ බලපත‍්‍ර පළමු අවස්ථාවල දී යාවත්කාලීන කළේ ද යන්න ගැටළුවකි.

2013-08-06 4
ඉන් සනාථ වන්නේ මේ කර්මාන්තශාලාවේ සත්‍ය තත්ත්වය වසන් කිරීමට මේ සියලූ ආයතන මුදල් ලබාගෙන ඇති බවකි. එසේ නොමැතිනම් පළමු අවස්ථාවල බලපත‍්‍ර යාවත්කාලීන කිරීමේ දී අදාළ කරුණු පිළිබඳව නිසි පරිදි සොයා බැලීම සිදු කර නොමැති බවකි. එම හානිකර ක‍්‍රියාවන් ගේ අවසන් ප‍්‍රතිඵලය වූයේ වටිනා ජීවිත ගණනාවක් රටට අහිමි වීම ය.

No comments:

Post a Comment