Wednesday 7 August 2013

හිටපු ඇමති හා සොහොයුරා අල්ලන්න වරෙන්තු

judge
වයඹ පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත යන අය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.2008 වසරේ නොවැම්බර් මස 24දා දින සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙයි.
නීති විරෝධී දැව තොගයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ව කටයුතු කළ ඩී. සුරසිංහ මහතා රාජකදළුව කරුක්කුලිය ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඒ මහතා‍ගේ රාජකාරීයට බාධා කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබුණි.
ඒ අනුව නඩු විභාගයට මොවුන් දෙදෙනා අද නොපැමිණීම නිසා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය

No comments:

Post a Comment