Thursday 1 August 2013

මර්වින් සිල්වා ඇමැති කමින් ඉල්ලා අස්වන වෙයි


marvin-silva-2
රතුපස්වල ඇතුළු ගම්මාන 10ක ජනතාව පිරිසිදු වතුර ඉල්ලා සිදුකරන විරෝධතාවන්ට අද වන විට දින 07ක් ගත වන අතර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ සියලු පාර්ශවයන් සම්බන්ධ වුනද එම ගැටලුවට විසදුමක් සෙවිම තවදුරටත් මග හරිමින් සිටී.

ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින පානීය ජල අර්බුදයට හේතු වි ඇති කර්මාන්ත ශාලාවක් වසා දැමීමට පියවර ගන්නා ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටියත් ඒ සදහා අධිකරණ නියෝගයක් අවශ්‍ය බව පවසමින් ජනතාවට එම අධිකරණ තීන්දුව ගැනීමට තමා පොරොන්දු වන බව පවසමින් මර්වින් සිල්වා ඇමැතිවරයා හා බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොරොන්දුවක් ලබා දුන්නේය.

කේසේ නමුත් මේ පිළිබද අධිකරණ තීන්දුවක් ගැනීමට ඊයේ ( 31) දින අධිකරණය හමුවට ගියද මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට දෝෂාරෝපණයක් කළේය. ඒ ජනතාව මුහුණ පා සිටින සෘජු ජල අර්බුදයට මුලික වන කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් හා එමගින් සිදුවන හානිය පිළිබද කිසිදු වගන්තියක් අඩංගු නොකර අදාළ චෝදනා ගොනු කොට ඇති අතර මහේස්ත්‍රාත් වරයා මෙහිදී විමසා සිටියේ පොලීසිය සේවය කරන්නේ ජනතාවට ද නොමැති නම් කොම්පැනියටද කියාය.

එය හේතුවෙන් කර්මාන්ත ශාලාව වසා දැමීම ඇති සාක්ෂි මද කම විසින් නඩුව කල් තැබිනි. මෙය සෘජුව දේශපාලන අධිකාරය හා පොලීසිය හෑල්ලුවට ලක්වූ අවස්ථාවක් වන අතර ඇමැති මර්වින් සිල්වා පැවසුවේ කර්මාන්ත ශාලාව වසා දැමීමට හෙට දිනයේ නොහැකි වුවහොත් ඇමැති කමින් ඉල්ලා අස්වන බවයි. එසේම පොලිසිය උද්ඝෝෂකයින් වෙත පැමිණ ජනතාවට සාධාරණයක් ඉටු කරන බවට පවසමින් චෝදනා ගොනු කිරීමේදී කොම්පැනි කාරයන්ගේ පාර්ශවය ගැනීම සම්බන්ධයෙ ජනතාව නොසතුට පළකරමින සිටී.

එසේම ජනතාව අප සමග අදහස් දක්වමින් පවසා සිටියේ අපිට දේශපාලනඥයින් පැමිණ ටොෆි චොක්ලට් දුන් වාර අනන්ත බැවින් ගල් කැටයක්වත් අතේ නිති මෙම නිරායුද මිනිසුන් පාලනය කිරීමට දහසකට අධික හමුදා හා පොලිස් බලකායක් දැමීම අනුවණ ක්‍රියාවක් බවයි. අවසන් වශයෙන් අපි ඉල්ලන්නේ වතුර පමණක් බැවින් එය ලබාදීමට කටයුතු කරන ලෙස දන්වා සිටියේය.

No comments:

Post a Comment