Tuesday 6 August 2013

මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම හෙට

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ කප් සිටුවීම හෙට 07 වන දින පෙරවරු 07 පසු වී විනාඩි 59ට යෙදෙන සුබ මොහොතින් මහනුවර සිව් දේවාලයන්හිදී සිදුකෙරේ. කප් සිටුවීමෙන් අනතුරුව සිව් දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැත්වෙන අතර පළමු කුඹල් පෙරහර මේ මස 11 වන දින වීදි සංචාරය කරයි. දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව පළමු රන්දෝලි පෙරහර මේ මස 16 වන දින වීදි සංචාරය කරන අතර අගෝස්තු මස 20 වන දින අවසන් රන්දෝලි පෙරහර විදී සංචාරය කරයි. අගෝස්තු මස 21 වන දින දවල් පෙරහර වීදි සංචාරය කර මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

No comments:

Post a Comment