Thursday 8 August 2013

ආණ්ඩුව කළේ උතුරේ ජනතාව රවටන එක


වසර 1947 පසු 2006 වන තුරු පාලනයට පත් වූ කිසිම ආණ්ඩුවක් දේශපාලන වශයෙන් දකුණ සංවර්ධනය කිරීමට ප්‍රමුඛස්තානය ලබා දුන් නමුත් උතුරු හා නැගෙනහිර පළාත සංවර්ධනය කිරමට වැඩි අවධානයක් යොමු නොකළ අතර ආණ්ඩු ඇති කිරීමට පමණක් උතුරේ ජන්දය භාවතා කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අද (08)දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවකදී මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ 1947 පසු පත් වූ දේශපාලන නායිකයින් හා පක්ෂයන් හි දේශපාලන නාඩි උතුරේ හා දකුණේ ජනතාවගේ ජන විඥාණය තේරුම් ගෙන කටයුතු නොකර බවයි.
එහිදී අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ....
මේ උතුරේ හා නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න දේශපාලන නායිකයින්ට එදා තේරුම් ගැනීමට නොහැකි වූ නිසා තමයි උතුරේ යුදමය හා ත්‍රස්තවාදී අරගල ඇති වීමට මුල් වුනේ.බොහෝ වෙලාවට 1947 පසු පත් වූ සෑම ආණ්ඩුවක්ම පාර්ලිමේන්තු නියෝජනය තුල උතුරු නැගෙනහිර පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ ආණ්ඩුබලය පැවැත්වීමට හා ගෙනයාමට පාවිච්චි කළා.නමුත් උතුරු පලාතේ සංවර්ධනය හා ජනතාවගේ ආර්ථිකය ගොඩ නැගීම සදහා පැහැදිලි සැලැස්මක් තිබුනේ නෑ .ඒ තුලින් තමයි උතුරු පළාතේ හා නැගෙනහිර පාලාතේ එදා බොහෝ ප්‍රශ්න දේශපාලන මතු වුනේ. තරුණයින් තුවක්කු අතට ගෙන ත්‍රස්ත ලෙස ක්‍රියා කිරීමට ද ආරම්භ වුයේ මේ හේතුන් නිසාවෙන්.
නමුත් අද තත්වය වෙනස් වෙලා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුල යුද්ධය අවසන් වෙලා සාමය උදාවිමත් සමග අද උතුරු නැගෙනහිර ප්‍රදේශ වල විශාල වශයෙන් සංවර්ධනයක් වෙලා තියෙනවා,පෙන්නුම් කරනවා.එදා යුතුරේ ජනතාව දකුණේ සංවර්ධනය ගැන කතා කළා වගේ අද දකුණේ ජනතාව උතුරේ ඇති වී තිබෙන දියුණුව ගැන වැඩි ලෙස කතා බහට ලක් වෙලා තියෙන්නේ.ඒ නිසා ඇසට පේන ඇගට දැනෙන දියුණුවක් ඇති වෙලා තියෙන්නේ.ඒ නිසාම සංවර්ධනයේ ප්‍රමුඛතාවය තුල දේශපාලන වශයෙන් යම් යම් මතවාද සාකච්ජාවට ලක් වෙනවා.නමුත් යම් දේශපාලන මතයක් ගොඩ නැගෙන්න නම් ආර්ථික වශයෙන් සංවර්ධනයක් අවශයි.
එමෙන්ම උතුරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ ප්‍රධානම කාර්ය වන්නේ උතුරේ දේශපාලන ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කිරීමයි.ඒ නිසා මේ පසුබිම් තුල එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මැතිවරණය ඉතා සාමකාමිව පැවැත්වීමට සියුලු කටයුතු සුදානම් කර තියෙන්නේ.ඒ අතුරින් ගෙයින් ගෙට යාම පත්‍රිකා බෙදා දීම රැස්වීම් හා ප්‍රචාරක කටයුතු සම්පුර්ණයෙන්ම සැලසුම් කර අවසානයි.ඒ වගේම එක් එක් මැතිවරණ කොට්ඨාශ මැති ඇමතිවරුන්ට හා සංවිධායකවරුන්ට බෙදා දී අවසන් කර ඇත.මැතිවරණ මෙහයුම් කාර්යාල බොහාමයක් වීවෘත කරලා තියෙන්නේ.එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා අප ඉතාමත්ව පැහැදිලිව ඇපකැප වෙනවා.
පළාත් සභා මැතිවරණය 2013 වෙනුවෙන් සැප්තැම්බර් 2 දා පලවෙනි ප්‍රචාරක රැලිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය උළෙල කුරුනෑගල මාලිගාපිටියේදී පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment