Tuesday 6 August 2013

ඇමැති මෛත්‍රීපාල සිරිසේන දේශපාලනිකව අපකීර්තියට පත් කිරීමේ මෙහෙයුමක්

වයඹ පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන මැතිවරණ සංවිධායක වශයෙන් පත්කර තිබෙන්නේ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

මේ මෛත්‍රීපාල සිරිසේන මහතාව දේශපාලනිකව අපකීර්තියට පත් කිරීමේ මෙහෙයුමක් බව ඔහුගේ හිත්වතුන් පවසති . මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික් පළාත් සභා මැතිවරණය එක්සත් ජනතා නිදහස් සංධානයේ සිව්කොන් යුද්ධයක් බවට පත්වී තිබේ.
ජොන්ස්ටන් ඇමැතිවරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු තනිවමත් අතුල විජේසිංහ ඇතුලු පැරණි ශ්‍රිලනිප කණ්ඩායමත්, දාඅසිරි ජයසේකරහා අතුල විරෝධි ශ්‍රිලනීප කණ්ඩායමට අමතර සෙසු අපේක්ෂකයන් වෙනමත් මැතිවරණ මනාප බලු පොරයට වැටී සිටිති.

මේ වන විට වැඩිම නීති විරෝධී ක්‍රියා හා ප්‍රචණ්ඩ ක්‍රියා වර්තා වන්නේද කුරුණෑගලිනි. විධායකයේ ආශිර්වාද මත සිදුවන මේ කිසිවක් පාලනය කිරීමේ හැකියාවක් මෛත්‍රීපාල ඇමැතිවරයාට නැති බැවින් මේ තත්වය මත සියළු කුණු පැටැවෙන්නේ මෛත්‍රීපාල ඇමැතිවරයාගේ කර පිට මත බව ඔහුගේ හිතවතුන් මැසිවිලි නගති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම පළාත් සභාවට තරග වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා වයඹ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පසුගියදා ඇමැතිවරයා අතින් විවෘත විය.

එහිදී කතාවක් පවත්වමින් ඇමැතිවරයා "මේ මැතිවරණය විනයගරුක, හික්මීමක් සහිත, සාමකාමී ආදර්ශමත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා අප සියලුදෙනා ඉතා ඉහළ වගකීමකින් කටයුතු කළ යුතුයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනාගේ සහෝදරත්වය, මිත්‍රත්වය, සුහදතාව, මැතිවරණ මෙහෙයවන සියලුදෙනාත් ආධාරකරුවන්ට දිය යුතු ආදර්ශයයි. එක අපේක්ෂකයෙක් තමන්ගේ සහෝදර අපේක්ෂකයකු විවේචනය නොකළ යුතුයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ සැබෑ ලෙසම අපි විශිෂ්ට ජයග්‍රහණයක් කළා කියලා අපේ හෘදසාක්ෂියට අනුව අපිට සතුටුවෙන්න පුළුවන් වෙන්නේ අපි අනුගමනය කරන ආචාරශීලී, විනයගරුක, හික්මීමක් ඇති ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් තුළ පමණයි.

අපේ පක්ෂයේ අපේක්ෂකයෙක් මැතිවරණ නීති කඩ කළොත්, අවිනීත විදිහට හැසිරුනොත් අපි අතරේ සාමය කඩවන ආකාරයට කටයුතු කළොත්, කිසිම ආකාරයකින් මැතිවරණය මෙහෙයවන අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහටත්, ආණ්ඩුව විදිහටත්, ඒ අයට කිසිම සමාවක් දෙන්නේ නැහැ. අද මෙතන මහා සංඝරත්නය වැඩම කර තිබෙනවා. මම උන්වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥාවක් දෙනවා වැරදි කරන කිසිම කෙනෙක් රකින්නේ නැහැ කියලා. විනීතකම, හික්මීම, යහපත් බව ගුණගරුක බව රකින කෙනාට අපි ශක්තිය දෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරයේදී කිසිම අපේක්ෂකයකුට පෞද්ගලිකව විශේෂ සහයෝගයක් අපි කාගෙන්වත් ලැබෙන්නේ නැහැ."යැයි කීය.

No comments:

Post a Comment