Monday 5 August 2013

මොළයක් නැති එවුන් දේශපාලනයට යැව්වේ අම්මා අප්පා නොවෙයි: ජනතාවයි - රාජිත සේනාරත්න



rajitha-sena
ඇතැමුන් අද දේශපාලනයට එන්නේ බඩ ගැන සිතා බලයෙන් අලුත් ජීවිතයක් ගොඩනැගීමට බවත්, තවත් කොටසක් එන්නේ එම  සියල්ල වෙනුවට ජනතාවට සේවය කිරීමට බවත්, තමන්ගේ දියණියගේ ගවුම කොටයි කීවාම ටීචර්ලා දණ ගස්වන මොළයක් නැති එවුන්  දේශපාලනයට යැව්වේ ඒ අයගේ අම්මාවත්  අප්පාවත් නොව ජනනතාවම බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ග‍ලේවෙලදී ප්‍රකාශ කළේය.
මාත‍ලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මධ්‍යම පළාත් සභාවට තරග වදින උදිත් අනුරාධ මහ තාගේ දඹුල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“ගවුම කොටයි කීවාම ටීචර් දණ ගස්සනවා වෙනුවට වැරැද්ද පෙනුණු අයට තෑග්ගක් දී දණ ගැස්ස විය යුත්තේ තමන්ගේ ගෑනි” බවද අමාත්‍යවරයා කීය.
මේ රටේ ඇතැම් දේශපාලනඥයන්ගේ ෆයිල් එක තියෙන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ බවත්, හම්බ කළ සල්ලි ගාන ආදායම් දෙපාර්තමේන්තුවටවත් කියා ගන්න බැරි බවත්, සල්ලිවලට මිනීමරන ඩී.අයි.ජී.ලා සිටින බවද, තමන් දේශපාලනයට එන කාලයේ සිටියේ ජනතාව ගැන සිතන දේශපාලනඥයන් බවත්, දැන් එන්න එන්නම සිටින්නේ රට ගැන සිතන අය නොව බඩ ගැන සිතන දේශපාලනඥයන් බවත් ඊටද වගකිව යුත්තේ මොවුන්ට ඡන්දය දෙන ජනතාවම බවද අමාත්‍යවරයා කීය.
මෙරට සියලු ජාතීන් එක්ව ශ්‍රී ලාංකීය ජනතාව අතර සමගිය ගොඩනැගිය යුතු බවත් විනයක් ඇතිව අනාගත පරපුරටවත් දුක් විඳීමට නොදී බුද්ධිමතුන් දේශපාලනයට යැවීමට ජනතාව වග බලාගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී කතා කළ මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් තරග වදින උදිත් අනුරාධ මහතා
“අපි මෙ රටේ දුප්පත් ජනතාවටත් දූ දරුවන්ටත් ‍පොත් පත් දීලා ධීවරයන්ට ධීවර ආම්පන්න දීලා ගමේ නගරයේ ස්වේච්ඡා සංවිධානවලට උදව් කරනවිට අපිට බාධා කරනවා. අපි උදව් කළේ ඡන්දයක් නොමැති කා‍ලේ අපි ඡන්ද කා‍ලේ එහෙම  උදව් කරන්නේ නැහැ. අද අදක්ෂයෝ එකතු වෙලා කකුලෙන් අදිනවා. හැකියාව, දක්ෂතාවය තියෙන නායකයෝ එකතු වුණාම තමයි රටක් ගොඩනගන්න පුළුවන්.”
අද සමහර පක්ෂවලට කියන්න දෙයක් නැහැ. යූ ඇන් පි ය සෝදා පාළුවට ගිහිල්ලා. ජනතාවට වැඩ කරන එකාට ඡන්දය හිඟාකන්න ඕන නැහැ. ජනතාවට වැඩ නොකරපු එකාට අද ඡන්දය හිඟාකන්න වෙලා. මොවුන් අද මනාප ‍පොරයට වැටිලා. මට එහෙම ප්‍රශ්නයක් නෑ.”
දඹුල්ල අශෝක එරමිණිගම්මන

No comments:

Post a Comment