Wednesday 7 August 2013

විශාලතම නීති විරෝධී ප‍්‍රචාරක පුවරුව


මෙන්න තවත් වාර්තාවක්
වයඹ, මධ්‍යම, උතුරු පළාත් සභා මැතිවරණයේ විශාලතම නීති විරෝධී ප‍්‍රචාරක පුවරුව මේ සමඟ ජායාරූපයේ දැක්වේ.
ගම්පොල - නුවරඑළිය මාර්ගයේ පැරණි පාලම මත ඉදි කොට ඇති මෙම දැන්වීම් පුවරුව සඳහා ගම්පොල පොලීසිය ආරක්‍ෂාව සපයන බවද කැෆේ සංවිධානය පවසයි.
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ නිරීක්‍ෂණය වන්නේ මෙය පළාත් සභා මැතිවරණ පනතේ ප‍්‍රචාරක විධිවිධාන උල්ලංඝණය කිරීමක් බවය.
ගම්පොල සහ නාවලපිටිය ප‍්‍රදේශ වල ඉදිකොට ඇති නීතිවිරෝධි ප‍්‍රචාරක පුවරු 60කට අධික සංඛ්‍යාවක් පිළිබඳව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්තුමා ගේ අවධානය යොමු කොට ඇත.
longest banner in this elecion in Gampola1 1

No comments:

Post a Comment